21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් Tata Xenon Yodha Pickup ශ්‍රී ලංකාවට...

Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් Tata Xenon Yodha Pickup ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මෙම වාහන ද්විත්වයේ තිබෙන සුවිශේෂිතා අතර ලාභදායි ප්‍රවාහන පහසුකව, ශක්තිමත් ලෝහයකින් ලෙස නිර්මාණය කිීරීම නිසා මෙම වාහනයේ ගමන් කරන අයට තිබෙන ආරක්ෂාව, එන්ජිම සුවපහසු ආකාරයට සවි කිරීම ඇති Tata Xenon Yodha,උපරිම කාර් යක්ෂමතාවය සහ දිගු කල්පැවැත්මක් ලබාදෙන බව ඉංජිනේරුවන් තහවුරු කරති.

ලොව ප්‍රමුඛතම මෝටර්රථ නිෂ්පාදකයෙකුවන Tata Motors එහි බලයලත් බෙදාහරින්නාවන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ. බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථසඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපොළ ඉල්ලුම හඳුනාගනි මින් ඊට සරිලන විසඳුමක් ලෙස මෙම රථය හඳුන්වාදීම සිදුකෙරිණි.

ශක්තිමත් බවින් සහ ආකර්ෂණීය පෙනුමකින් නිමවුණු Tata Xenon Yodha රථය සුවපහසු බව සහ ආරක්ෂාව සහතික කරන අතර, පවුලේ වාහනයක් ලෙස යොදාගැනීමට සහ ව්‍යාපාර කටයුතු පහසුවෙන් සිදුකරගැනිමට අවස්ථාව ලබාදෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් Tata Motors වාණිජ වාහන අංශයේ ජාත්‍යාන්තර ව්‍යාපාර ප්‍රධානී අනුරග් මෙරෝත්රා මහතා මෙසේ සඳහන් කළේය. “ප්‍රමුඛ පෙළේ වාණිජ වාහන සන්නාමයක් ලෙස, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික රුචිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපසතුව පවතිනවා. ඒ ඔස්සේ උසස් ගණයේ ප්‍රවාහන පහසුකම් හඳුන්වාදෙමින් පාරිභෝගික ජනතාවට ගැළපෙන විසඳුම් ලබාදීමට අපි කැපවීසිටිනවා. අවම පිරිවැයක් සහිතව උසස් කාර්ය සාධනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම්වලට ගැළපෙන පරිදි නව Tata Xenon Yodha රථය නිර්මාණයකර තිබෙනවා. DIMO සමාගම සමඟ දශක හයක් පුරා අප පවත්වාගෙන පැමිණි හවුල් කාරිත්වය ඔස්සේ ඉදිරියටත් ගුණාත්මක සහ විශිෂ්ට විකුණුම් අත්දැකීමක් සහ සේවාවක් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

“Tata Motors සමඟ සහ යෝගීතාවයෙන් දේශීයව එකලස්කරනලද Tata Xenon Yodha රථය හඳුන්වාදීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම මෝටර්රථය සතු කල්පැවැත්ම, ඉන්ධන කාර්යක්ෂමතාවය, සුවපහසුබව, සහ ආරක්ෂාකාරී බව ඔස්සේ පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීමට හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙය දෛනික ගමන් බිමන් සහ ව්‍යාපාරයේ ප්‍රවාහන කටයුතු යන අවශ්‍යතා ද්විත්වය සඳහා බාධාව කින් තොරව භාවිතා කිරීමට හැකි අතර මෙරට පාරිභෝගික ජනතා වගේ නොයෙක් ආකාරයේ ප්‍රවාහන අවශ්‍යතා මේ ඔස්සේ සපුරාලනු ලබනවා. Tata Xenon Yodha රථය වැලිවේරියේ පිහිටි DIMO Vehicle Assembly මධ්‍යස්ථානයේදී එකලස් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ වාහනඅනුබද්ධ කර්මාන්තයේ වර්ධනයට මෙන් මනව රැකියා අවස්ථා උත්පාදනයටද දායකවෙනවා. එමන්ම දිවයිනපුරා මධ්‍යස්ථාන 17ක් සමඟින් අපගේ පාරිභෝගිකයන්වෙත උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කැපවීසිටිනවා.” යනුවෙන් මේපිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා ප්‍රකාශකළේය.

මෙම Pickup රථය 4×2 සැකසුමකින් ලබාගත හැකි අතර කිලෝග්රෑම් 1250ක බරක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් සහිතවේ. මෙම රථය ලීටර් 3ක ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන අතර එය 85hp සහ 250Nm බලයක් (Torque) ලබාදෙයි. එමෙන්ම මෙය එම කාණ්ඩයේ ඉහළම ඝනකමකින් යුත් චැසියක් සහිත රථයවේ. මෙහි ඇති ශක්තිමත් ඉදිරිපස ඉහළ කොටස සහ ගුණාත්මක බවින් වැඩි උසස් ලෝහ තුළින් රථයේ උපරිම ආරක්ෂාව සහ දිගුකල් පැවැත්ම සහතික කරයි. එමෙන්ම මෙහි අන්තර්ගත මිලිමීටර් 210 බිම් නිෂ්කාශනය ( Ground clearance) මඟින් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කරන අතර එය වැඩිබරක් ප්‍රවාහනය කිරීමට මෙන්ම අපහසු මාර්ගවල ගමන් කිරීමටද උපකාරීවේ. මාස 18ක හෝ කිලෝමීටර් 100,000ක පූර්ණ වගකීමක් නවතම Tata Xenon Yodha සඳහා හිමිවේ.
නවීන Tata Xenon Yodha රථය එකලස් කරනු ලැබුවේද ශ්‍රීලංකාවේ ‘DIMO Batta’ ලෙස ප්‍රසිද්ධියටපත් Tata Ace රථය එකලස් කරනු ලැබු වැලිවේරියේ පිහිටි DIMO Vehicle Assembly මධ්‍යස්ථානයේදීය. නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය පවත්වා ගනිමින් මෙම මධ්‍යස්ථානය තුළ අදාළ නිර්ණායකයන් සහ ප්‍රමිතීන් නිසි පරිදි අනුගමනය කරනුලබන අතර වත්මන් පාරිභෝගික අවශ්‍යතාවන් හොඳින් අවබෝධ කරගනිමින්, වෙනස්වන වෙළෙඳපොළ ඉල්ලුම සඳහා උපාය මාර්ගිකව නව නිෂ්පාදන හඳුන්වාදීම ද සිදුකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments