26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පැෆරල් විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක්...

පැෆරල් විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක්…

ගරු ජනාධිපති තුමන් විසින් 2020 කැබිනට් තීරණයක් අනුව යමින් 2024 ජූලි 24 වන දින එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට පෙර දින අංක PS/CM/SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් 50000 බඳවා ගැනීමට ගරු ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇත.

2020  වර්ෂයේ ගනු ලැබූ කැබිනට් තීරණයක් වසර 4 ක කාලයක් නොසලකා හරිමින් සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රැකියා 50000 දහසක් ප්‍රදානය කිරීමට ගනු ලබන මෙම උත්සාහය පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන බව පෙනී යයි.

එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩුකළ යුතු බවට හා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට යෝජනා කළ පාලකයන්ට හදිස්සියේ ගනු ලබන මෙම තීරණය දේශපාලනික භාවය මැනවින් පෙනී යයි.

එසේම මෙකී ක්‍රියාවලිය මැතිවරණයක් ක්‍රියාත්මක කිරීමට පෙර සිදු කළ හැකි වුවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදු කිරීම  හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීම සඳහාම සිදු කරන  බව අපට හැඟීයයි.

උපාධිධාරීන්ට හෝ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීම පිළිබඳව අපගේ විරෝධයක් නොමැති නමුදු එය මේ මොහොතේ සිදු කිරීම ඔබ තුමාගේ චක්‍රලේඛවලට පටහැනිව සිදුවන්නකි.
එබැවින් මේ පිළිබඳව සොයා බලා  ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments