22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අද දිනයේ කොවිඩ් මරණ 05ක් ආසාදිතයින් 594ක්

අද දිනයේ කොවිඩ් මරණ 05ක් ආසාදිතයින් 594ක්

අද දිනයේදී කොවිඩ් -19 ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා. වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර අවුරුදු 44ක් සහ 49ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 594ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,590ක්.

ඒ අනුව අද දිනය අවසානය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,261ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 28,267ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,818ක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments