25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා - රාජ්‍ය...

ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “Key Person’s Forum” සාකච්ඡාමය වැඩසටහන 2020.12.18 වන දින කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිඳුන් සහභාගි වූ අතර ප්‍රධාන දේශනය මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පැවැත් වූහ.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අතිගරු අගමැතිතුමාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතපත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දායකත්වයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස ලබා දිය හැකි උපරිම දායකත්වයක් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය විසින් ලබා දීමට තමා සූදානම් බව ගරු අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

ලෝකයේ මැණික් වර්ග 200 ක් අතරින් ශ්‍රී ලංකාවේ මැණික් වර්ග 70 ක් පවතින බවත්, කිසිඳු මැණික් සම්පතක් නොමැති හොංකොං වැනි රාජ්‍යයන් වසරක දී මැණික් වෙළඳාම තුළින් උපයන විදේශ විනිමයට වඩා වැඩි විදේශ විනිමයක් ශ්‍රී ලංකාවේ අපට මෙම මැණික් සම්පත නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන් ලබා ගත හැකි බවත් පෙන්වා දුනි.

තායිලන්තය, චීනය, හොංකොං වැනි රටවල් ලෝකයේ මැණික් වෙළඳාම අතින් ඉහළ ම විදේශ විනිමයක් ලබා ගන්නේ නම්, විශාල මැණික් සම්පතක් ඇති ශ්‍රී ලංකාවේ මැණික් සම්පත උපරිම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට ඉදිරි වසර 05 තුළ පත් කිරීමත්, ඩොලර් බිලියන 05 ක විදේශ විනිමයක් ලංකාවේ ආර්ථිකයට එකතු කිරීමේ ඉලක්කය වෙත ළඟා වීමට මැණික් හා ස්වර්ණාභරණ ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය මේ වන විටත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා නව තාක්ෂණය උපරිමයෙන් ම යොදා ගැනීමත්, පතල්කරුවන්ට, මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් හා, මේ වෙනුවෙන් පනවා තිබූ බදු ක්‍රම ලිහිල් කිරීමටත්, ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා දැනටමත් කටයුතු කර ඇති බව පෙන්වා දුනි.

මෙම හමුව සඳහා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එම්.පියතිස්ස මහතා, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ගරු තිලක් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments