විවිධ අවිනිශ්චිතතාවයන් වරින්වර මතුවුවද ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අතර එය. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට දින නියමවී ඇත. ඒ සඳහා තරඟවැදීමට දැනටමත් ඇප තැන්පත් කරඇති ඔබතුමා; ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවීමට වගබලාගන්නා බවද වරින් වර ප්‍රකාශකර ඇත. ඒ පිළිබඳව අප ස්තූතිවන්ත වෙමු. එහෙත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩබලන පොලිස්පතිවරයෙකු පත්නොකරන තත්ත්වයක් තුළ නැවතවරක් ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් ගොඩනැගී තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ පිළිබඳ වරින්වර අවිනිශ්චිතතාවයට පත්වීම රාජ්‍යයේ, පුරවැසියාගේ හා රාජ්‍ය නායකයා ලෙස ඔබතුමාගේ ගෞරවයට බරපතල හානියකි.
එමෙන්ම පහත සඳහන් කරුණු පිළිබඳවද ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලමි.
■ පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් පත්කරගැනීමට ජනතාවට වසර 6 කට වැඩි කාලයක් ඉඩ ලැබී නොමැත.
■ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාගැනීමට තිබූ ඉඩකඩ දින නියමයක් නොමැතිව කල්දැමීමට ලක්ව ඇත.
■ විවිධ අවිනිශ්චිතතාවයන් මැද වසර 5 කට පසු ජනතාවට ජනාධිපතිවරයා තෝරාගැනීමට ඇති අවස්ථාව පිළිබඳවද මේ වන විට අවිනිශ්චිතතාවයක් ගොඩනැගී ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ, කතානායකතුමාගේ හෝ වෙනත් පාර්ශවයක ඇති අඩුපාඩු හෝ ව්‍යවස්ථාදායක සභාවේ ඇති අඩුපාඩු මත මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය බැහැරකිරීමට කිසිවකුට ඉඩ ලබානොදීම ඔබතුමාගේ වගකීමකි.
මේ රටේ ජනතාව මහජන නියෝජිතයන් සෘජුවම හෝ වක්‍රාකාරව පත්කරන්නේත් එම නියෝජිතයන් ජනතා බදු මුදල් භාවිතයට හා කළමණාකරණයට ඉඩ ලබාදෙන්නේත් එම විශ්වාසය මත පදනම්වය. පොලිස්පතිවරයකු නොමැතිවීම මත මැතිවරණයට බලපෑමක් එල්ල වුවහොත් එහි වගකීමෙන් මගහැර යන්නට විධායක ජනාධිපතිවරයා හා පත්වීම් බලධරයා ලෙස ඔබතුමාට නොහැකිවනු ඇත.
එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තිය ප්‍රකාරව ඔබතුමාට පැවරී ඇති වගකීම් වලින් බැහැරවිය නොහැක.
එබැවින් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ වසර 5 කට පසුව ජනතාව තම පාලකයා පත්කරගැනීමට ඇති බාධාවන් ඉවත්කර මැතිවරණ කොමිෂන් සභාවට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සහාය වන ලෙසයි.