21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්Fairway Koswatta (UHK) හිපළමු වාර් ෂික මහා සභා රැස්වීම පවත්වයි

Fairway Koswatta (UHK) හිපළමු වාර් ෂික මහා සභා රැස්වීම පවත්වයි

Fairway හි Urban Homes Fairway Koswatta (UHK) ව්‍යාපෘතියේ පළමු වාර්ෂික මහ සභා රැස්වීම ජුනි මාසයේදී   අභිමානවත් ලෙස පවත්වන ලදී. මෙහිදී නිවාස හිමියන් වෙත සිය නිවාසවල කළමනාකරණ වගකීම් නිල වශයෙන් පැවරීම සිදුවූ අතර මෙම නිවාස සංකීර්ණ තුළ යහපත් ප්‍රජාවක් ගොඩනැංවීමේ කැපවීම පසක් කරමින් නිවාස හිමියන් රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

ආරම්භයේ සිට ව්‍යාපෘතියේ කටයුතු  සම්පූර්ණ කිරීම දක්වාම තිරසාර, නවීන නාගරික ජීවන දැක්මක්  සංකේතවත් කර ඇත.  වඩාත් සුවපහසු සහ සුඛෝපභෝගී  නිවාස සංකීර්ණයක අත්දැකීමක්  පිරිනැමීමේ අරමුණ මුල් කරගනිමින් නිමවන ලද මෙම නිවාස සංකිර්ණය ඒකක 250කින් සමන්විත  වේ.  ප්‍රශස්ත ලෙස නිර්මාණය කරන ලද ගෘහ නිර්මාණ, ඉහළ ඉංජිනේරු තාක්ෂණය ඇසුරින් නිමවූ පරිසර හිතකාමී දැව දොරවල්, double-glazed tempered glass සහිත ජනෙල්, බලශක්ති කාර්යක්ෂමතාව සහිත ආලෝක පද්ධති ඇතුළු නිවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවීන විසඳුම් රැසක් මෙහි අන්තර්ගත වේ.

මීට අමතරව අති නවීන ශරීර යෝග්‍යතා මධ්‍යස්ථානයක් ,විශාල පිහිනුම් තටාකයක්, විවේක කාලය ගත කිරීම සඳහා මනරම් හරිත අවකාශයක්, ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් ශාලාවක්, සහ රැස්වීම් ශාලාවක් ඇතුළු තවත් පහසුකම් රැසක් Urban Homes කොස්වත්ත නාගරික නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ට හිමි වනු ඇත.

මෙම නිවාස සංකීර්ණය සමඟ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධකයෙකු ලෙස Fairway Holdings සමූහය මහල් නිවාස 1,000ක සංධිස්ථානය වෙත ළඟා වූ බව මෙහිදී අදහස් දැක්වූ Fairway Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශේන් කර්තේලිස් මහතා විසින් සඳහන් කරන ලදී.එමෙන්ම  Urban Homes Fairway Koswatta (UHK) හි සෑම පියවරක් මඟින්ම තිරසාර ජීවන අවකාශයන් නිර්මාණය කිරීම කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව සහ විශිෂ්ටත්වය  මෙන්ම ඒ වෙනුවෙන් සමාගමේ කැපවීම ද මැනවින් පිළිබිඹු වන බව ද තවදුරටත් ඔහු අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments