විවිධ ආකාරයේ වෙනස් මාතෘකා ඔස්සේ තම සිනමා නිර් මාණ චාරිකාවේ යෙදෙන අපේ කාලයේ සිනමාකරුවෙකු වන සුදේශ් වසන්ත පීරිස් සමග ඔහුගේ නවතම නිර් මාණය වන ‘සීරුවෙන්‘ සිනමාපටය පිළිබඳ සිදු කෙරෙන පිළිසඳරකීමේ.
ඔබගේ නවතම නිර්මාණය ‘සීරුවෙන්‘ සමග කොයි වගේ සංවාදයකද ප්‍රේක්ෂකයින් සමග යෙදෙන්න සූදානම් වෙන්නේ? එහි පසුබිම කුමාක්ද?
සුනිල් සෝම පීරිස්ගේ පුතා විදියට බයිස්කෝප් කාරයෙක් විදියට තමයි මාවත් ප්‍රේක්ෂක ජනතාව හඳුන්වන්නේ. තාත්තගේ කාලය තුල සිට සිනමා කර්මාන්තය තුල පොඩි ප්‍රශ්නයක් මම දැක්කා මෙම බයිස්කෝප් කාරයා කියන කෙනාව මෙම කර්මාන්තය තුල පැත්තකට කරනවා මම දැක්කා. ප්‍රේක්ෂකයා තුල බයිස්කෝප් කරයා සිටියා. මේ තත්ත්වය මත මටත් සුදේශ් වසන්ත පීරිස් කියන නම ට අනන්‍යතාවයක් තිබිය යුතු කියන මතයේ මම සිටියා. ඒ වනවිට හැටහතර මායම් , ජීවිතය ලස්සනයි, රන්ජා වගේ චිත්‍රපට කර තිබුණා. පසුව මම වෙනස් වෙන්න ඕනේ කොහොමද කියා මම පොඩ්ඩක් කල්පනා කළා.

කතාබහට ලක්වෙන වැඩක් කරන්න ඕනේ ඒම සිතලා තමයි මම ‘හුස්ම‘ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඉන් ලබාගත් පන්නරය ඉදිරියට ගෙන යන්න තමයි ජැක්සන් ඇන්තනී කලාශිල්පියා යොදාගෙන ‘සීරුවෙන්‘ නිර්මාණය වෙන්නේ. හුස්ම හා සීරුවෙන් සාමාන්‍යයෙන් අපේ සිනමාකරුවන් තෝරාගන්න බය නැත්නම් අකමැති මාතෘකා දෙකක්. ඒ කියන්නේ ත්‍රාසය, කුතුහලය පවත්වාගෙන ප්‍රේක්ෂකයා රඳවාගෙන සිටිනවා කියන එක විශාල ප්‍රශ්නයක්. මේ චිත්‍රපට දෙකෙහිම සුවිශේෂි ලක්ෂණය වන්නේ මුල සිට බය වෙනවා, සාමන්‍ය වෙනවා, යළි භීතයට පත්වෙනවා. ප්‍රේක්ෂකයාගේ නෙත් තිරයෙන් අහකට නොගෙන බලාගෙනම සිටින ආකාරයක් තමයි මෙහි තිබෙන සුවිශේෂත්වය. මේ ඉතා අසීරු කාර්යයක්. මට දැනට ලැබෙන ප්‍රතිචාරත් සමග මම සාර්ථකයි කියලා විශ්වාස කරනවා.
මේ විසිහතරවන නිර්මාණය. දැනට සිනමාශාලාවලින් ලැබෙන පණිවුඩවලින් තහවුරුවන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉතාමත් ඉහළින් තිබෙන බවයි. ඇතැමුන් පවසා තිබෙනවා විදෙස් චිත්‍රපටයක් නැරඹුවා හා සමානයි කියලා. මේවනවිට සිනමාශාලා හැත්තෑවක ‘සීරුවෙන් ‘තිරගත වෙනවා.

සිනමාශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයේදී වේලාවෙන් වේලාවට වෙනස් චිත්‍රපට පෙන්වීම නිර්මාණකරුවන්ට , නිෂ්පාදකයින්ට කොහොමද බලපාන්නේ? ලෝකයේ සෑම රටකම වගේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ . මෙරටත් එය පැවතීම සාධාරණයි. මේ ක්‍රමයෙන් එක් චිත්‍රපටයක්ට එන ප්‍රේක්ෂක පිරිස අඩුවුණොත් අනෙක් චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස වැඩිවුණොත් සිනමාශාලා හිමියන්ට එම සිනමාශාලාව නඩත්තු කිරීමේ ගැටලුවට විසඳුමක් ලැබෙනවා. නිර්මාණකරුවන් ලෙස අපි රසිකයින් වැඩියෙන් නරඹන චිත්‍රපට නිර්මාණය කළොත් සිනමාශාලාහිමියන් එය වැඩිවාරයක් පෙන්වන්න පෙළඹෙනවා. අනිවාර්යෙන්ම නිර්මාණකරුවා මේ අභියෝගය භාරගත යුතුමයි.චිත්‍රපටයක් මුහුරත් දිනයේ සිටම එහි ඉදිරිගමන පිළිබඳ නිර්මාණකරුවා කල්පනා කළ යුතුයි.
ඇත්තෙන්ම මේ අවස්ථාවේ සිනමා කර්මාන්තය අර්බුදයක් පැවැති අවස්ථාවක තමයි ඔබේ පියා ජයඅපටයි චිත්‍රපටය නිර්මාණය කරන්නේ එවැනි අභියෝග භාරගෙන ක්‍රියාකරන්න ඔබත් සූදානම් කියන එක නේද මින් කියැවෙන්නේ?
ඇත්තෙන්ම ඔව්. ඒ නිසා තමයි මම හුස්ම වැනි තේමාවක් චිත්‍රපටයට නගන්නේ. මම තෝරාගත් තේමාවන්වල මාර්ගය කව්රුත් තෝරාගන්නේ නැති මාර්ගයක්.

හුස්ම චිත්‍රපටයත් සමග සුදේශ වසන්ත පීරිස් වෙනත් සිනමා චාරිකාවක යෙදෙනවා කියන එකද ‘සීරුවෙන්‘ චිත්‍රපටයෙන් තහවුරු වෙන්නේ?
එහෙමම නෑ. මගේ සිනමාචාරිකාය විවිධයි. ඒ ඒ අවස්ථාවට ලැබෙන උචිතයි, සුදුසුයි හිතන නිර්මාණ කරනවා.
සීරුවෙන් චිත්‍රපටයේදී ඔබ ජැක්සන් ඇන්තනී කියන දක්ෂ රංඟන ශිල්පියා මෙහෙයවනවා එහිදි ලැබු අත්දැකීම කවරේද?
මේ කතා තේමාව අපේ රටට අපිට ගැලපෙන ලෙස නිර්මාණය කර තිබෙනවා. එහිදි මේ චරිතයට ජැක්සන් ඇන්තනී තමයි මගේ සිතේ මැවුණේ. ජැක්සන් මහතා මේකේ රඟපාන් බෑ කිව්වා නම් මේ චිත්‍රපයට මම නිර්මාණ කරන එකකුත් නෑ. මොකද ඊට ආදේශ කරන්න ශිල්පියෙක් පේනතෙක් මානෙක නෑ. එවිට එතුමා මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැත්ත පළ කිරීමම‘සීරුවෙන්‘චිත්‍රපටය යම් ආකාරයක ඉහලට ඔසවා තැබීමක් වෙනවා. ජැක්සන් ඇන්තනී කියන කලාකරුවා දීර්ඝ කාලයක් සිනමා ක්ෂේත්‍රයේ සිටියට චිත්‍රපට අතලොස්සයි රඟපා තිබෙන්නේ ඒ එතුමා තෝරාබේරාගෙන කටයුතු කරපු නිසයි. එතුමා මගේ චිත්‍රපටයේ රඟපෑමට කැමැත්ත පළ කිරීමම මට ලොකු ශක්තියක්වුණා මේ නිර්මාණය කිරීමට. එමෙන්ම මට පොඩි බයකුත් තිබුණා ජැක්සන් අයියා ගත්තාම මට ඕනේ විදියට කරගන්න පුළුවන් වෙයිද කියලා මොකද එයා වැඩකට එනවිට එයත් ඊට ඇතැම් අවස්ථාවලදී අත පොවනවා එහෙම කරමු මේ ෆ්‍රේම් එක මෙහෙම ගමු කියලා. මම එහෙම හිතුවත් ජැක්සන් අයියා අබමල් රේණුවක් වචනයක් නොකියා මගේ අදහස් වෙනස් නොකර තිරපිටපත කියවා රඟපෑවා. ඒ එතුමාට චිත්‍රපටයට එනවිටම මා කෙරෙහි විශ්වාසයක් තිබුණා.

ඩිෂ්නි රාජපක්ෂ කියන නවක රංඟන ශිල්පිණියත් සමග මෙහි රඟපාන සියලුම නළුනිළියන් මෙහි කතා තේමාවේ ප්‍රබලත්වය මතුවෙන ලෙස තමාට ලැබි තිබෙන රංඟන කාර්ය හොඳින් කරන බව පේනවා ඒ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
චිත්‍රපටයක් කරන විට එම නිර්මාණය සාර්ථක කරගන්න නිර්මාණකරුවා වගකියන්න ඕනේ. එම අභියෝග නිරතුරුවම භාරගන්න වෙනවා. සිනමාට නව නළුනිළියන් එන්න ඕනේ. මගේ නිර්මාණවලට අලුත් මුහුණු නිරන්තරයෙන් මම යොදාගෙන තිබෙනවා. ඒ අයට වැරදිලත් නෑ. ඔහුන්ගෙන් මගේ වැඩේට ගැටලුවක් වෙලත් නෑ. බුද්ධික ජයරත්න කියන රංඟන ශිල්පියා වසර විස්සක පමණ සිට මගේ හොඳ යහළුවෙක් නමුත් මගේ චිත්‍රපට විසිතුනකම ඔහු පේන්න හිටියේ නෑ. මේකට තමයි ගත්තේ ඔහුට ගැලපෙනම චරිතයක් මේ චිත්‍රපටයේ තිබෙන නිසා. මම නළුනිළියන් තෝරාගනිද්දී මම සැළකිලිමත් වෙනවා චරිතවලට ගැලපෙනම සුදුසු අයව තමයි ගන්නේ. කෘතිමව චරිත හදන්න මම උත්සහ කරන්නෙත් නෑ. සීරුවෙන් චිත්‍රපටයේ තිබෙන සෑම චරිතයක්ම අභියෝගාත්මකයි. එකකට එකක් දෙවැනි වන්නේ නෑ.
ජැක්සන් අයියා පවා මාස කිහිපයක සිටම මේ චිත්‍රපයට කැපවීම් කටයුතු කළා. එයා අත්වල මසල්ස් (ආර්ම්ස්) වර්ධනය කරගැනීමේ ව්‍යායාමවල යෙදුණා. ජැක්සන් අයියා මේකේ විශ්‍රාමික හමුදා මේජර් කෙනකුගේ චරිතයක් තමයි රඟපාන්නේ. ඒ පෞර්ෂත්වය හදාගන්න රැවුල් වවලා, ඇඟපත හදාගන්න එයා විශාල කැපවීමක් සිදුකළා. අනෙක් රංඟන ශිල්පීනුත් එහෙම තමයි ඒ අයගේ හැඩ තල පවා වෙනස් කරගෙන ඉතාම කැපවීමෙන් සිදුකළ චිත්‍රපටයක් තමයි ‘සීරුවෙන්‘.

සිනමාකර්මාන්තය සංවර්ධනයට හා ප්‍රේක්ෂකාගාර වර්ධනය කර ගැනීමට චිත්‍රපට සංස්ථාවෙන් හෝ කිසියම් බලධාරින්ගෙන් ලැබෙන පිටුවහල කුමක්ද? ඇත්තෙන්ම එහෙම දෙයක් නෑ. නිර්මාණකරුවන් චිත්‍රපට නිර්මාණය කරන අතර ඒවා සිනමාශාලාවල පෙන්වනවා එමශාලා අයිතිය තිබෙන්නේ පෞද්ගලික හිමියන්ටයි. මේකට චිත්‍රපට සංස්ථාවටවත් කිසිම දෙයක් කරන්න බෑ වසර විස්සකට පමණ පෙර ප්‍රදර්ශන මණ්ඬල සියල්ල පෞද්ගලිකකරණය කරලයි තිබෙන්නේ. සංස්ථාවටත් මණ්ඬලයක් තිබෙනවා ඒකත් ඉතිං පුද්ගලකයි තමයි බලනවිට. මම නිතරම කියන්නේ අපි හොඳ නිර්මාණ කළොත් අපිට ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවක් , රජයක්,සංස්ථාව ලෙස කරන්න තිබෙන්නේ සිනමාශාලා ඉදිකිරීමයි. අපි ළඟඳීත් යෝජනාවක් කළා මෙරට තිබෙන පළාත් පාලන ආයතනවලට ගොඩනැඟිලි තිබෙනවා ඒ අය සිනමාශාලා ඉදිකළොත් අපේ ලාබයෙන් 45%ක් පමණ ඒ අයට ලැබෙනවා. අපි යෝජනා නම් කරනවා ඒ වුණාට මේ දක්වා කිසිම රජයකින් සිනමාවට කිසිදු සෙතක් තවම සිදුවි නැත.

අවසාන වශයෙන් කියන්න ඕනේ මේක වෙළෙඳ ප්‍රචාරයක් නොවේ ජැක්සන් ඇන්තනී කියන අපිට සිටි දක්ෂ රංඟන ශිල්පියා අවසාන වරටත් ඉතාම තේජාන්විතව රඟපාන තවත් නව්‍ය ආකාරයේ රංඟනයක් ‘සීරුවෙන්‘ චිත්‍රපටයෙන් මෙරට සිනමා ප්‍රේක්ෂක ජනතාවට දැකගත හැකිය.
‘සීරුවෙන් ‘ සුදේශ වසන්ත පීරිස්ගේ කතාවදෙබස් හා තිරපිටපත , අධ්‍යක්ෂණයක්වන අතර නිෂ්පාදනය නිහාල් විජේසිංහගෙනි මෙහි රඟපෑම් ජැක්සන් ඇන්තනී,දසුන් පතිරණ,බුද්ධික ජයරත්න,සේමිණි ඉද්දමල්ගොඩ,ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ,සුදත් ඇන්තනී හා ළමා නිළි ශෙනුලි පීරිස්.

කැමරා අධ්‍යක්ෂණය – ගාමිණි මොරගොල්ලාගම, කලා අධ්‍යක්ෂණය, සරත් සමරවික්‍රම, සහය අධ්‍යක්ෂණය- චමත්කා පීරිස්, වේෂ නිරුපණය-තාරක අධිකාරිය,සංගීතය කේෂාන් පෙරේරා,සංස්කරණය අනුර බණ්ඩාර, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ,වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර,නිෂ්පාදන සැලසුම තුෂානි වීරක්කොඩි, ගීත ගායනය – චමත්කා පීරිස්, ගීපද අචල සොලමන්

සටහන- අනුර ප්‍රේමලාල්