“හැම මැතිවරණයක් එනකොටම මේ උතුරේ ඉන්න දේශපාලකයින් පටන් ගන්නවා ව්‍යවස්ථා සංශෝධන, 13 බලගන්වන්න ඕන, ඉඩම් දෙන්න ඕන කියන සිංදුව ගහන්න. උතුරට වෙනම පාලනයක් ඕන කියනවා. මේ ඔක්කොම ඔබව රවට්ටන්න කියන බොරු කතා.” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේ මහජන රැලිය අමතමින්ය.
“අද අපිට සුවිශේෂී දිනයක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදිලා අද මම මේ යාපනය ප්‍රදේශයට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න. අපි පාසල් යන කාලයේ අපේ පාසැල ඉස්සරහ තිබුනා කිත්තන්ගේ කියලා එකක්. අපේ පංතිවල ගොඩක් දමිල මිත්‍රයන් හිටියා. 83 අර්තමර්තකාමි දේශපාලකයින් උතුරේ සහ දකුණේ එකතු වෙලා ගිනිතියනකම් මේ රටේ අපි දැනගෙන හිටියෙත් නැහැ අපි අතරේ යම්කිසි භේදයක් ඇති කරන්න හදනවා කියලා. යාපනය පුස්තකාලයට ගිණි තියන්න දකුණෙන් ආපු ඒ දේශපාලකයින් රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල්වල කියලා ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආයාචනා කරන්නේ සිංහල කියලා මහ ජාතියක්වත්, දෙමල කියලා සුළු ජාතියක්වත් නැහැ. ශ්‍රී ලාංකිකයින් හැටියට සභ්‍යත්වය විශ්වාස කරමින් අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් බව අපි එකග වෙන්න ඕන කාරණයක්.
මට වගකීමෙන් කියන්න පුළුවන් කොළඹ සුඛෝබභෝගී ජිවිත ගත කරන මේ සියලු දේශපාලකයින් ඔබ රැවටීම පමණයි කරන්නේ. ඒකේ ප්‍රතිපලයක් හැටියට උතුරේ තරුණයින් කීදෙනෙක් මැරිලා තියෙනවද. දකුණේ තරුණයින් කීදෙනෙක් මැරුණද මේ පටු ආත්මාර්ථකාමී දේශපලනය නිසා. මේ ජාතිවාදය ඇතුළු බෙදීම් ඇති කරන්නේ මේ අර්තම්ර්තකාමි දේශපාලකයින් තමන්ගේ සුඛ විහරණය සදහා පමණක්ම බව මම කියන්න ඕන. මෙන්න මේ බොරුව නවත්වන්න අපි සංකේතාත්මකව ආදර්ශයක් දෙන්න තමයි අපි මේ යාපනයට ආවේ. අපි හිතනවා උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් මේ රටේ ඉන්න සියලුම දෙමල කතෝලික හින්දු බර්ග ඒ සියලුම ජනතාවත් ඒ වගේම දකුණේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවත් සිංහල කතෝලික ජනතාවත් සිංහල ක්‍රිස්තියානි ජනතාවත් මේ හඩ ඔවුන් තේරුම් ගනීවි කියලා. අපිට අවශ්‍ය නැහැ
අපි අතර කිසිම බේදයක් නෑ – අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් – දිලිත් ජයවීර – සර්වජන අපේක්ෂක
RELATED ARTICLES