මෙරට ප්‍රධාන පත්තරයක මුල් පිටුවෙ දැන්වීමකට ලක්ෂ 50ක් ඇතුළ් පිටුවක් සඳහා ලක්ෂ 12ක් රූපවාහිනී නාලිකාවක ලක්ෂ 20ක් පමණ දැන්වීම් සඳහා අයවෙනවා. අපි දන්නවා ප්‍රවෘත්තියක් විදිහට පත්තරවල රුපියල් 15000ට පමණ දැන්වීම් පලවෙනවා. රුපියල් 50000 පමණ මුදළට ඉන්ටවිව් පලවෙනවා.මේක තමයි දැන් මැතිවරණ සංස්කෘතිය වෙලා තියෙන්නෙ යැයි ජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදරප්‍රකාශ කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……..ලංකාවේ සමහර දේශපාලන කණ්ඩායම් තමන්ගේ මතය රටට කියන්න පත්තරේක ඇඩ් එකක් දාගන්නවත් සල්ලි නැතුව ඉන්නවා.අපි දන්නවා මැතිවරණයක් දූෂිත වෙන්න. පොදු දේපළ අවභාවිතා කිරීම් රාජ්‍ය මුදළ් අවභාවිතා වීම් වගේම මාධ්‍යය ආයතන අවභාවිතා කිරීමුත් බලපානවා.
දැන් ජනාධිපති බොරුවට කිව්වා මට පොලිස්පති පත්කරන්න බැ කියලා . හැබැයි මනූෂ නානායක්කාරව උපදේශක විදිහට පත් කරන්න එයා බෑ කිව්වෙ නෑ. අපි දන්නවා මනූෂලා විශාල මුදල් මේ මැතිවරණය වෙනුවෙන් වියදම් කරනවා. අපි පැහැදිලිව කියනවා මේ වෙලාවෙ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් වෙනවා.
දැන් මැතිවරණය වෙනුවෙන් සාමාන්‍යයෙන් වියදම් කරන්න පුලුවන් එක් ඡන්ද දායකයෙක්ට රුපියල් 20ක් . අපි දන්නව ලීප්‍රට් වලට බැනර් වලට රැස්වීම් වලට පක්ෂ කාර්‍යාල වලට මුදළක් වැය වෙනවා. අපි සංකල්පයක් විදිහට 20 ගත්තොත් කෝටි 34ක් වැය වෙනවා. දැන් වාද කරල කරල මේ ගාන රුපියල් 107 දක්වා ගෙනල්ලා තියෙනවා. මේ මුදල බිලියන 1.8ක්. අපි අහන්නේ කොහෙන්ද මේ මුදළ මේ පක්ෂවලට එන්නේ. දුප්පත් මිනිස්සු 100 – 200 දාලා හොයල දෙන්න පුලුවන් මුදළක් නෙමෙයි මේ.
දැන් ආයෙ IMF සමාලෝචනය ගැන කතාකරනවා . අපි කියන්නෙ මෙච්චර කල් IMF ගියපුවගෙ ප්‍රතිඵල ඉතිහාසයේ සඳහන් වෙනවා. හැන්සාඩ් ගතවෙලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ ගොල්ලො මේක සමාලෝචනය කරන්න යන්නෙ. එතකොට අපිට හිතාගන්න පුලුවන් මේ මැතිවරණයට මේ සල්ලි ගලා එන්නෙ කොහෙන්ද කියලා.
දැන් ලංකාවේ පැෆරල් කියන ආයතනය අපේක්ෂකයෝ 6ක් ගේනවලු එක වේදිකාවට. ඒ ගේන්නෙ IMF අනුමත කරන අපේක්ෂකයෝ 6 දෙනෙක්. මේගොල්ලො මේ වැඩ කරන්නෙ IMF න්‍යායපත්‍රයට බව හොඳට පැහැදිලියි .
හැබැයි අපිට මේ මැතිවරණය සඳහා තියෙන්නෙ ජනතාවගේ හයිය. ඒ ජනතා බලයෙන් අපි මේ මැතිවරණය සඳහා කටයුතු කරනවා.
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ සිතාරා කුලරත්න………දැන් මේ වෙලාවෙ විවිධ අපේක්ෂකයෝ එක එක පොරොන්දු දෙනවා. එක එක කතා මාධ්‍යට කියනවා. හැබැයි මේගොල්ලො කවුරුත් ජනතා ප්‍රශ්න ගැන අවධානයක් නෑ. දැන් රනිල් තමයි පහුගිය කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවෙ. අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන්න සැලසුම් කලේ. ඒ රනිල් දැන් ඇවිත් කියනවා එයා අර්බුදය විසඳුවලු.
දැන් තව අපේක්ෂකයෝ ඇවිත් කියනවා ඒගොල්ලො IMF යෝජනා මානුෂවාදී කරනවලු. අපි ඒගොල්ලන්ගෙන් අහන්නෙ මොනවද IMF අමානුෂික කොන්දේසි . ඒවා හෙලිකරන්න . ඒවට මේගොල්ලො ගේන විසඳුම් ප්‍රතිපත්ති මොනවද කියලා කියන්න.
අපි කියනවා IMF එක මානුෂවාදී කරන්න පුලුවන් කමක් නෑ. ඒක විහිළුවක් .නාමල් ඊයෙ කියනවා එයාගෙ තාත්තා අවසන් කළ තැනින් පටන් ගන්නවලු. දැන් මහින්ද අවසන් කළේ මැයි 9 ගෝල්ෆේස් අරගලයට පහරදීලා. එතකොට එතනින්ද නාමල් රාජපක්ෂ පටන් ගන්න යන්නෙ.
රට පුරාම දරුවන්ට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙලා. හැබැයි මේවා හැම තැනකින්ම යට ගහනවා. ඒ නිසා මේ සඳහා වන නීති ප්‍රතිසංස්කරණය වෙන්න ඕන. අනිත් කාරණේ මේ ප්‍රශ්නය ආර්ථික දේශපාලන තත්වය එක්ක සම්බන්ධයි. ඒ නිසා මේ ප්‍රශ්නයට දිගු කාලීන වැඩපිළිවෙළක් ඕන.දරුවන්ට කාන්තාවන්ට මනුස්සයන් විදිහට සලකන වැඩපිළිවෙළක් තමයි අපිට ඕන. අපි ජන අරගල සන්ධානය විදිහට අරං එන්නේ එහෙම ප්‍රතිපත්තියක්.
ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව……..දැනට මේ මැතිවරණ වේදිකාවෙ විවිධ අදහස් කතාවෙනවාඑකක් තමයි IMF වැඩපිළිවෙළ . දැන් මේගොල්ලො රටේ ජනතාවට වෙට්ටුවක් දාන්න යන්නෙ. දැන් මේ රටේ විදුලි බිල වැඩි වුනා . සේවක අර්ථ සාදක අරමුදළ කොල්ල කෑවා. දැනට තියෙන්නෙ බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.5% ට දැන් අයි එම් එෆ් යෝජනා කරනවා මේක 15% දක්වා වැඩි කරන්න. එහෙම අයි එම් එෆ් එක තමයි මේගොල්ලො සමාලෝචනය කරන්න යන්නෙ. සංශෝධනය කරන්න යන්නෙ.
අපි සජබට සහ ජාජබට පැහැදිලිව කියනවා. එහෙම සංශෝධනය කරන තැන් 21ට කලින් පැහැදිලිව කියන්න. දොන් නං දොන් සිමන් නං සිමන් දොන් සිමන් දෙකක් බෑ.
දැන් පහුගිය කාලේ විධායක ජනාධිපති ක්‍රමය ගැන වචනයක් කිව්වෙ නෑ මේ රනිල්ලා අනුරලා සජිත්ලා. හැබැයි දැන් මෙන්න මේගොල්ලො විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක ගැන බොරුවට කතාකරන්න අරගෙන. හැබැයි අපි කියන්නෙ මේගොල්ලො මේක ගැන මෙහෙම හරි කතාකරන එක හොඳයි . එහෙත් එතනින් එහාට ගිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නගොඩක් මේ රටේ තියෙනවා.නීති සංශෝධනය කිරිමේ බලය. නැවත කැඳවීමේ බලය වගේ දේවල් ජනතාව අතට ලැබිය යුතුයි . අපි මේ පක්ෂ වලට කියන්නෙ මේ කතා පුලුවන් නං මැතිවරණ වේදිකාවට ගෙනල්ලා පෙන්නන්න.
දැන් රනිල් පෝස්ටර් ගහනවා පුලුවන් කියලා . අපි කියනව රනිල්ට පුළුවන් අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන්න. IMF කොන්දේසි වලට රට බිලි දෙන්න. ඇට්කා සෝෆා ගිවිසුම් වලට යලි පණ දෙන්න. ඉන්දියාවට රටේ කෑලි විකුණන්න. ඕවා තමයි රනිල්ට පුලුවන්ඒ නිසා අපි ජනතාවට කියනවා දැන් මේගොල්ලො අනුමැතිය ගත්තා මැතිවරණයට බිලියන ගණන් වියදම් කරන්න. අන්න ඒ සල්ලි මේගොල්ලන්ට කොහෙන්ද කියල ප්‍රශ්න කරන්න.
අපි ජනතාවට කියනව එහෙම බිලියන ගණං වියදම් කරලා බලය ගන්න ඉන්න අපේක්ෂකයෝ අතර ජන අරගල සන්ධානය සහා අපේ අපේක්ෂක නුවන් බෝපගේ ජනතවට ඇත්ත බලාපොරොත්තුවක් අරගෙන සැබෑ ප්‍රතිපත්තියක් අරගෙන තමයි ඇවිත් තියෙන්නෙ .