ජනාධිපතිවරණයේ තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම ලබන මස 5 සහ 6 සිදුවෙන අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැලට භාරදීම මෙම (26)සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 5හා 6සිදුකිරීමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල තැපැල් ඡන්දහිමියන්ගේ තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම (04) සිදුකෙරේ. මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්දහිමියන්ට ලබන මස (11) හා (12) දින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත.
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැලට භාරදිම ලබන මස (02) සිදුකිරීමට කටයුතු යොදා ඇත.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමේ විශේෂ දිනය ලෙස ලබන මස (08) කටයුතු සිදුකරන අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබනමස (14) දිනෙන් අවසන්වේ. එම දිනයෙන් පසු නිලඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් ස්වකීය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත ලබාගත හැකි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.