29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනමාධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය හා අනෙකුත් ගැටලු පිළිබඳ සකස්කළ යෝජනාවලිය ජනපති අපෙක්ෂකයින්ට ඉදිරිපත් කරනවා...

ජනමාධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය හා අනෙකුත් ගැටලු පිළිබඳ සකස්කළ යෝජනාවලිය ජනපති අපෙක්ෂකයින්ට ඉදිරිපත් කරනවා -ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය හා එම වෘත්තීය කිරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් යෝජනවාලියක් සකස්කොට ජනපතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයින්ට ඉදිරිපත් කොට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කිරීම සඳහා අවධානය ලක් කරවා ගැනීමට ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද (22) කොළඹ 08, බොරැල්ලේ පිහිටි ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු එම කාර්යාංශයේ සභාපති නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ මහතා……… මම ලංකා පත්‍රකලා සංගමයේ මහා ලේකම් ලෙස කටයුතු කරන සමයේ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ පිළිගැනීමක් ජනමාධ්‍ය වෙත ලබාදෙන්න ගිය අවස්ථාවේ අපේ නිලධාරින් කිහිප දෙනකු ආයතනික සුදුසුකම් තිබුණේ නෑ. නමුත් ඔවුන් දක්ෂ ජනමාධ්‍ය වේදීන්. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින අපෙක්ෂකයින් වෙත අපි කරුණු දහයක් ඔස්සේ යෝජනාවලියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට බලපෑමක් ඇති කිරීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය ගන්න ඔබ සැම දැනුවත් කරන්න තමයි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ. මේ ගැන මතවාදයක් ගෙන යන්න ඔබලාගේ ආයතන මගින් ලබාදෙන්න. මම මාධ්‍යවේදීන්ට NVQ සුදුසුකම් හදන්න කටයුතු කළා NITA ආයතනයේ ලියාපදිංචි කරලා මෙය අධ්‍යනය කරන්න හැකියි. මෙම විභාගය සමත් කර තිබීම මාධ්‍ය වේදීන්ට වැදගත්. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය වේදීන්ට ලබාදෙන හැඳුනුම්පත මිය යන තුරුම ඔහුළඟ තබාගන්න දිය යුතුයි. එය දැන් සිදු නොවීම වරදක්. මාධ්‍ය වේදීන් සඳහා වරලත් ආයතනයක් ඇති කරන්න මේ බලපෑම් තුලින් අපි බලාපොරොත්තු වෙනවා.

මෙම කාර්යාංශයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න අධිකාරි මහතා අදහස් දක්වමින්……..මාධ්‍ය තමයි ලෝකයේ ඕනෑම රටක තොරතුරු සපයන්නේ. ඒක තමයි එකම මූලාශ්‍රය. ජනමාධ්‍ය වේදීන්ට පුහුණු කිරීමේ ආයතනයක් අවශ්‍යයි. විශ්වවිද්‍යාලයෙන් හෝ උසස් පෙල හා සාමන්‍ය පෙල සමත් සිසුන්ට මාධ්‍ය පුහුණුවක් ලබනවානම් ඊට පුහුණු ආයතනයක් ඉතා වැදගත්. මේ තුල ශික්ෂණය, යුතුකම් , වගකීම් ,ආචාරධර්ම ඇතිකොට විශිෂ්ට මාධ්‍ය වේදීයකු බිහිකළ යුතුයි. ජනතාවගේ පෙරගමන් කරුවන්නේ මාධ්‍ය වේදියායි. ඒ නිසා මාධ්‍ය වේදීයා නිරන්තරයෙන් ජනතාවට ඉදිරියෙන් සිටිය යුතුයි. ඒ නිසා අවශ්‍ය පෞර්ෂ්‍ය, අධ්‍යාපනය හා අත්දැකීම් ලබාගත යුතුයි. මෙවැනි පිරිසක් ගොඩනගන්න අපි යෝජනා කරනවා බලය ගන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුවට. මාධ්‍ය වේදීන්ගෙන් වැඩගන්න දේශපාලඥයෝ මාධ්‍ය වේදීන්ට නිසි සේවයක් කර තිබෙනවාද කියා අද තිබෙන තත්ත්වය මත ගැටලුවක් මතුවෙනවා. සෑම වෘත්තීකයකුගේම ප්‍රශ්න ගැටලු ගැන කතා කරන මාධ්‍ය වේදීයාගේ ගැටලු කතාකරන්න කව්රුත් නෑ. ස්ථානයක් නෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය සකස්කරපු ඇතැම් යෝජනා තිබෙනවා ඒවා පුස්කමින් තිබෙන මාධ්‍යවේදීන්ගේ ප්‍රවර්ධනයට කිසිවක් සිදුවි නැති අතර මාධ්‍ය වේදීන්ගෙන් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් ගැන පමණක් කතා කරනවා. ඒ නිසා අපේ යෝජනාවලිය ඉදිරියටම ගෙන ගොස් අවසානයේ පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස් දෙනාගේ එකඟත්වයෙන් ස්ථිර කර ගැනීම තමයි එකම අරමුණ.

මෙම කාර්යාංශයේ පුලස්ති වන්නිආරච්චි මහතා…….අද වනවිට ජනමාධ්‍යවේදීන්ට ඩිජිටල් තාක්ෂණය ඉතා වැදගත්වී තිබෙනවා. මෙරට ජනගහනයෙන් හරි අඩක් එනම මිලියන එකොළහක් පමණ තමන්ගේ ජංගම දුරකතනයෙන් , ලැප්ටොප් යන්ත්‍රයෙන්, ටැබ් යන්ත්‍රයෙන් අන්තර්ජාලය පරිශීලිනය කරනවා. තොරතුරු ජනගත කිරීමට වෙබ්අඩවි වෙබ් පිටු යුටියුබ් චැනල් , ටික්ටොක් ආශ්‍රයෙන් ජනගත කිරීම් සිදුවෙනවා. මේවාට යම් පනත්ද හඳුන්වා දෙනවා . ළඟදි පැමිණියා මාර්ග ගත ක්‍රමවේද පනත, ජනාධිපතිවරණයක් නිසා ජනමාධ්‍ය වේදින්ට උපමානත් හඳුන්වාදී තිබෙනවා. වෙබ් අඩවියක් පවත්වාගෙන යන මාධ්‍ය වේදීන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබාදෙන පහසුකම් මොනවාද, උදව් උපකාර ලැබි තිබෙනවාද. ලියාපදිංචියට ගියා අති විශාල මුදලක් අයකරනවා. ඒ අනුව ජනමාධ්‍ය වේදීයකුට මේවාට යන වියදමට අමතාවර අතිවිශාල මුදලක් දරාගෙන මිලදි ගන්න උපකරණවල වියදමත් දරාගෙන මේ කටයුතු කළ හැකිද? ස්මාර්ට් ෆෝන් එකක් ලබාගත් පමණින් ඔහු ජනමාධ්‍ය වේදියකු නොවේ. ඔහුට නිසි අධ්‍යාපනයක් , ඒ සමග ඇතිවන ශික්ෂණය, යුතුකම් , වගකීම් ගැනත් සිතන අයකු වෙන්න ඕනේ මාධ්‍ය වේදියකු වන්න. ඩිජිටල් ගැන කතා කරනවානම් රජයට හැකිවිය යුතුයි සැබෑ මාධ්‍යවේදීන්ට ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments