ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නෙ හුදු මැතිවරණ පොරොන්දු මල්ලක් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති ඇතුලේ වැඩකරන ජනතාවගේ ඉල්ලීම් අනිවාරෙන් තියෙන්න ඕන. ඉතිහාසයේ ඉදිලම අරගල වල හිටපු ආය තමයි මෙතන ඉන්නේ. මේ ප්‍රතිපත්තිය ඇතුලෙ තියෙන්නෙ ඔබ වැඩ බිමේ අරගල බිමේ නියෝජනය කළ සටන් පාඨ.
දැන් IMF එපා කිව්වම හැමෝම තක්බීර් වෙලා බලන්නෙ අපි දිහා. හැබැයි මෙතන ඉන්න අය දන්නවා. ඇයි ටෙලිකොම් පුද්ගලීකරණය කරන්නෙ ? ඇයි විදුලිබල මණ්ඩලය විකුණන්න යන්නෙ. ඇයි ETF EPF අරමුදල් කොල්ලකන්න සැලසුම් සකස් වෙන්නේ ? මේ ඔක්කොම IMF කොන්දේසි.
අපි ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුලෙ ඔබේ වැටුප් ප්‍රශ්නය කතාකලා. ඒක මගහැරල යන්න අපිට බෑ. අපි මේවා ප්‍රතිපත්ති විදිහට ඉදිරිපත් කලාම ඔන්න දැන් සජිත් කියනවා එයා ආවාම 57000ක් දෙනවලු. ඒවගේම වතුකරයේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වෙච්ච 2000 වැටුප් සටන්පාඨය අපිට මගහැර යන්න බැ. අපි ඒක අපේ ප්‍රතිපත්ති ඇතුලේ සඳහන් කරල තියෙනවා.
දැනට වැඩකරන ජනාතාවගේ වෘත්තීය සමිති එකට එකතුවෙන්න සහා ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර ඇතුලේ තීරණ ගැනීමේ බලය නෛතිකව පිළිගත යුතු බව අපි කතාකරල තියෙනවා.
අපි දන්නවා කම්කරු නීති වෙනස් වෙන්න ඕන. හැබැයි රනිල් වික්‍රමසිංහ තනි කම්කරු නීතියක් ගෙනල්ලා වැඩකරන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කොල්ලකන එකට අපිට එකඟ වෙන්න බෑ . වැඩ කරන ජනතාවගේ වැඩ දිනය පැය 8 ඉදන් 6 දක්වාවත් අඩු කරන තැනටයි අපි දේශපාලන අරගලය මෙහෙයවන්න ඕන.
දැන් සමහරු ලංකාව දකුණු කොරියාවක් කරන්න සිංගප්පූරුවක් කරන්න කතාකරනවා. ඒගොල්ලන්ට අමතක වෙලා ඒ රටවල කම්කරු ජනතාවගේ නිදහස අහිමි කරමින් ක්‍රියාත්මක වන මෙලෙච්ඡ නීති. ඒ ජනතාවගෙන් මරව මරව වැඩ ගන්න හැටි.
IMF එකෙන් ඉවත් නොවී කොහොමද වැඩකරන ජනතාවට නිදහස දිනා දෙන්නෙ. අපි කොහොමද වැඩකරන ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ. ඒ නිසා දැන් මෙතන තියෙන්නෙ IMF ප්‍රතිපත්තිය සහ ජනතාවගේ ඉල්ලීම් අතර ඝට්ටනයක්. අපිට මෙතනදි බැහැ වැඩකරන ජනතාව අමතක කරලා IMF ප්‍රතිපත්ති පස්සෙ යන්න.