29.1 C
Sri Lanka
Sunday, June 22, 2025
Homeක්‍රීඩා පුවත්Bickthon 2024 - Ride to Save Life පාපැදි සවාරිය හෙට (29) ඇරඹේ.

Bickthon 2024 – Ride to Save Life පාපැදි සවාරිය හෙට (29) ඇරඹේ.

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු ලබන CCC ආයතනය එම දුරකථන සේවාව පිළිබඳ මහජනතාව දැනුමවත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන පාපැදි සවාරිය හෙට පෙරවරු 5.30 කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වේ.
කි.මී.1333 දුරක් දින දහතුනක් පුරා ක්‍රියාත්මක වන මෙම පාපැදි සවාරිය කිතුල්ගල මහනුවර දඹුල්ල අනුරාධපුර වවුනියාව තිරිකුණාමලය සීගිරිය මහියංගණය කතරගම දික්වැල්ල බෙන්තොට ඔස්සේ සැප්තැම්බර් දහවෙනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට ළඟාවීමට නියමිතයි.

ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව සිංගප්පූරුව බ්‍රිතාන්‍යය කැනඩාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක සේච්ඡා පාපැදිකරුවන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙම පාපැදි සවාරියට සහභාගි වන බව CCC 1333 දුරකථන සේවාවට මාර්ගෝපදේශ සපයන ඔස්ට්‍රේලියාවේ Life line International ආයතනය නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජේතා දේවපුර මහතා ප්‍රකාශ කළේ මෙම පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා (27) කොළඹ පැවති මාධ්‍ය හමුවේදීය.
සැප්තැම්බර් 10 වැනි දින මෙම පාපැදි සවාරිය සහ ඊට සමගාමීව පැවැත්වෙන පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments