අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය මෙම මස 29 වන බ්‍රහස්පතින්දා රටට ඉදිරිපත් කරන බවත්, සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් සුරක්ෂිත ශ්‍රී ලංකාව නිර්මාණය කරන වැඩපිළිවෙළ ඊට ඇතුළත් බවත් මාවනැල්ල බස් නැවතුම්පොළ අසළ අද (27) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය –
ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ප්‍රායෝගික නොවන ලියවිල්ලක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.