29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්“ආරාධනා” නමින් නිතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සිටි අයකු කොටු.

“ආරාධනා” නමින් නිතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සිටි අයකු කොටු.

ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල නගරයේ “ආරාධනා” නමින් නිතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින්, විදේශ රැකියා ඩුබායි රාජ්‍යයේ ලබාදීම සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම සැකකරු මුදල් ලබාගෙන ඇති අතර, ඔහුට එරෙහිව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 15ට අධික ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම අත්අඩංගුවට ගැනීම ඉකුත් (28) සිදුවිය.

මීට පෙර මෙම විදේශ රැකියා ආයතනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එහි වංචාවන් පිළිබඳව අනාවරණය වීමෙන් පසු, කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් නයන්ත බුද්ධික බණ්ඩාරනායක නම් අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඉන් පසුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම නීතිවිරෝධි ආයතනය පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇති බවට විමර්ශන අංශයට කරුණු අනාවරණය වී තිබේ. සැකකරුට එරෙහිව පැල්මඩුල්ල හා රුවන්වැල්ල යන පොලිස් ස්ථානවලටද පැමිණිලි ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments