21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දෙවරක් චොර කරගත් ලක්වැසියණි මෙවර නිවැරැදි තීරණයක් ගන්න -රටට හෙටක් -...

දෙවරක් චොර කරගත් ලක්වැසියණි මෙවර නිවැරැදි තීරණයක් ගන්න -රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටහන

දෙපාරක්ම රෑ වැටුණු වලේ තුන්වෙනි පාර මහ දවල් වැටෙන්න එපා…ලංකාවෙ වැඩි හරියක් දෙනාට මූල්‍ය සාක්ෂරතාවත් නෑ,දේශපාලන සාක්ෂරතාවත් නෑ.කොච්චර දැනුවත් කෙරුවත් අලුතෙන් පිරමිඩ ජාවාරමක් ආවොත් අපේ අය ඒකට අහු වෙනව අහු වෙනව අහු වෙනවන බව සමාජ සත්කාරක වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

දේශපාලනයත් ඒ වගේම තමයි. මෛත්‍රීපාල ආවා අලුත්ම බලවේගයක් විදිහට. මිනිස්සු හිතුව එයා තමයි පොර කියල. අන්තිමේට එයා පොර නෙමෙයි චොර. එයා විතරක් නම් කමක් නෑ එයා නිසා රටත් චොර.

ඊළඟට අපි ගෝඨාභයව ගෙනාවා අලුත්ම බලවේගයක් විදිහට. ආතල් එක වැඩි කමට අපි එයාට Artificial Interligent කියල කෑල්ලකුත් දැම්මා. අන්තිමේට මොකද උනේ? අන්තිමේදී පොරත් චොර උනා පොරව ගෙනාපු අපිත් චොර උනා.

දැන් තවත් අලුත්ම එකක්. ඒකෙ නම මාලිමාව. ඒකට කඩේ යන අය කියන්නෙ දෙගොල්ලොම රට කෑව නිසා මේ අයට දෙමු කියලයි. දෙගොල්ලොම නුසුදුසු වූ පලියට මාලිමාව සුදුසු වෙන්නෙ කොහොමද කියලයි මම අහන්නෙ? ඒ ප්‍රශ්නය ඇහුවම මාලිමාවට කඩේ යන අය කියන්නෙ ඕන දෙයක් වෙන්න කියල ඒ ගොල්ලන්ටත් අපි දීල බලමු කියලයි. ඒක හරියට තුරුම්පු නැතුව තියෙද්දි ඕන එකක් වෙච්චාවේ කියල වල් වාසියක් අදිනව වගේ වැඩක්. දෙපාරක්ම රෑ වැටුණු වලේ මහ දවලුත් වැටෙනවනම් ඒකට කියන්න තියෙන්නෙ අමුම අමු ගොන්කම කියල තමයි.

අද මේ රට අගාධයට ගිහින් තියෙන්නේ කොතරම් ප්‍රමාණයකින් ද? අන්න ඒ ප්‍රමාණයෙන් හරි අඩකට ඒ කියන්නේ 50% කට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුයි. ඒ නිසා දේශපාලන හය හතර නොදැන ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන කවුරුන් හෝ ඉන්නව නම් අන්න ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ ඡන්දය දෙන්න කලින් මේ කී දේ ගැන දෙවරක් සිතා බලන ලෙසයි.

සරත් කලුගමගේ
සංවිධායක

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments