මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය හෙටින් (02 – සඳුදා) අවසන්වීමට නියමිතය.
මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර එහි පළමු අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇත. දෙවන අදියර 8 වනදාද තෙවන අදියර 09 වනදාද පැවැත්වීමට නියමිත අතර ජනාධිපති ධුර අපේක්ෂකයින් බොහෝ දෙනෙකු මීට සහභාගීවීමට නියමිතය.
එම විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස ප්‍රශ්න යොමුකරන ප්‍රශ්න බාරගැනීම හෙට (02 – සඳුදා) දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව හෙට දිනය දක්වා පහත දැක්වෙන සබැඳිය ඔස්සේ එම ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවට අවස්ථාව හිමිව ඇති අතර මාර්තු 12 ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවට පණිවියක් එවීම මගින්ද ප්‍රශ්න යොමුකල හැක.
(ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, ශ්‍රී ලංකාවේ පාලන ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.)
ගූගල් පෝරමය : https://bit.ly/PresidentialDebate2024
ෆේස්බුක් පිටුව : https://www.facebook.com/march12movement
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරනු ලබන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය හෙට (02 – සඳුදා) අවසන්වීමට නියමිතය.
RELATED ARTICLES