රාජ්‍ය නිලධාරීන් ද බරපතල ආර්ථික අර්බුදයක සිටින බැවින් ඔවුන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ කිසිඳු විරෝධතාවයක් නැතත් තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට දින දෙකක් තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම මගින් එම නිලධාරීන්ට සිදුකරන බලපෑමක් ලෙසට දැක්විය හැකිය.
එබැවින් තැපැල් ඡන්ද ඉලක්ක කර සිදු කර තිබෙන වැටුප් වැඩි කිරීම මෙන්ම බදු ගාස්තු අඩු කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයේ අවධානය යොමුව ඇත. රජයේ නිලධාරීන් පසුගිය මාස දෙකහමාර තුළ රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටියද රජය එක හෙලා ප්‍රතික්ෂේප කර දැමූ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැටුප් වැඩිවීමක් කොහෙත්ම සිදුකළ නොහැකි අසීරු දෙයක් බවය.
මෙම වැටුප් වැඩිවීම රුපියල් 5000 සිට 50000 දක්වා පරතරයක පවතින අතර එහි සාමාන්‍ය රුපියල් 15000ක් ලෙසට සැලකුවහොත් ලක්ෂ 14ක් වන රජයේ සේවකයින් වෙනුවෙන් එකී මසකට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ. එය මැතිවරණ දෙකක් පැවැත්වීමට තරම් සෑහෙන මුදලකි.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි වැටුප් වැඩි කිරීමක් විමතියට හේතුවක් සේම, බදු ගාස්තු අඩු කිරීම නිසා අහිමිවන ආදායම උපයාගන්නා ආකාරයද විමතියට හේතුවකි.
ජනාධිපතිවරණයක් මුවවිටදී ආණ්ඩුව සිදු කර තිබෙන මෙම වැටුප් වැඩි කිරීම රාජය සේවකයන්ට සිදු කරන අනියම් බලපෑමක් ලෙස හැඟී යන බැවැන් මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කර සුදුසු කටයුතු සිදු කරන මෙන් ඉල්ලමු.