දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) ගොතටුව පොලිස් වසමේ අංක 96/02, අඹගහ හන්දිය, ගොතටුව, අංගොඩ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 250 ක්, විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරිමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මලීෂ ආකාශ් යන අයවළුන් සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
කිසියම් අපරාධයකට සැරසුණු පුද්ගලයකු විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ අවියක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.ඒල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) දංකොටුව පොලිස් වසමේ අංක 45/B යෝගියාන, යෝගියාන ලිපිනයේ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කිසියම් අපරාධයකට සැරසෙමින් බ්‍රසීලයේ නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දංකොටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
