21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්අරගලයෙන් මතුවු සිස්ටම් චේන්ජ් එකට තල්ලුවක් දෙන්න තමයි මම කතරගම ප්‍රේමා වැනි...

අරගලයෙන් මතුවු සිස්ටම් චේන්ජ් එකට තල්ලුවක් දෙන්න තමයි මම කතරගම ප්‍රේමා වැනි නාට්‍යක් නිර් මාණය කළේ – අධ්‍යක්ෂ සරත් දික්කුඹුර

අනුර ප්‍රේමලාල්

වේදිකාව,සිනමාව හා රූපවාහිනි යන මාධ්‍යයන් තුල රංඟන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයකු ලෙස පෙළහර පාමින් වර්තමානයේ ‘කතරගම ප්‍රේමා‘ වේදිකානට්‍ය නිර්මාණය කොට රටපුරා වේදිකාගත කරමින් සිටින සරත් දික්කුඹුර කලාශිල්පියා සමග TOP NEWS ASIA පුවත් වෙබ් අඩවිය පිළිසඳරක යෙදුණු මොහොතකී මේ

කතරගම ප්‍රේමවති මනම්පේරි සිද්ධිය සම්බන්ධයෙන් වේදිකා නාට්‍යක් නිර්මාණය කිරීමට ඔබට තිබෙන අවශ්‍යතාවය හා උවමනාව කුමක්ද ?..කතරගම ප්‍රේමා කියලා මෙම 1971 සිදුවීම සම්බන්ධයෙන් මට වේදිකා නාට්‍යක් නිර්මාණය කරන්න උවමනා වුණේ නෑ. මට අවශ්‍ය වුණේ මේ රටේ පවතින ආර්ථික, දේශපාලනික, සමාජීයිය ප්‍රශ්න සහ විශේෂයෙන්ම මෑතක සිදුවු අරගලය මේ සිදුවීම ගැන මට රට ගැන යම් කලකිරීමක් තිබුණා. ඒ කලකිරීම තුල මේ රටේ තරුණ ප්‍රජාවට පාසැල් හා විශ්විද්‍යාල දූදරුවන්ට යමක් මේ රට පිළිබඳ කතා කරන්න ඕනේ කියලා. මේ රටේ වසර හැත්තෑ ගණනක් තිබුණු බොහෝ දේශපාලඥයින්ගේබොරුව, ඇතැම් ව්‍යාපාරිකයින්ගේ විද්වතුන් හා රාජ්‍ය නිලධාරින්ගේ බොරුවට මේ රටේ තරුණ ප්‍රජාව රැවටීම ගැන මට යමක් තරුණ ප්‍රජාවට අමන්ත්‍රණය කිරීම අවශ්‍යවුණා. මේ සඳහා අවශ්‍ය වස්තු බීජයක් මම සොයමින් සිටියේ. එම වස්තු බීජය 1971 සිදුවු කැරැල්ල පාදක කරගෙන කරන්න ඊට මනම්පේරි ඝාතනය ඊට යොදාගන්න කල්පනා කෙරුවා. මේක මත සිට රටට මට අවශ්‍ය නිර්මාණය කිරීමට හැකි බව සිතුණා.

මෙම කතාව කිහිප වරක් නිර්මාණය වුණ නිසා ඔබට එහිදි යම් යම් බාධා සිදුවුණා කියන්නේ ඇත්තද? ඔව්. ප්‍රේමවති මනම්පේරි කතාව 1978දී කණ්ඩායමක් නිර්මාණය කර තිබුණා. පසුව ඒ අයගෙන් ගොස් මම පිටපත ඉල්ලුවා හැබැයි එහිදි මට ඒ අය විවිධ නීතිරීති පැනවූවා. එහිදි මට ඒ පිටපත අරගෙන නිර්මාණයක් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවුණා. ඊට පසු මම මේ පිළිබඳ තවදුරටත් කරුණු සොයන විට නිල්මිණි පෙරේරා කියලා අයෙක් ළඟ මෙහි පිටපතක් තිබෙන බව තොරතුරු ලැබි එයා හමුවීමෙන් පසු මම ඒ පිටපත අරගෙන තමයි කතරගම ප්‍රේමා නාට්‍ය නිර්මාණය සිදුකළේ. එහිදි මට බාධාවන් ඇති කළේ නෑ.පසුව ඇයගේ එකඟත්වය අනුව මට අවශ්‍ය ලෙස රටට දිය යුතු ආකල්පමය වෙනස සිදුකිරීමට පිටපත වෙනස් කළා. එසේ වෙනස් කරමින් රැඟුම්පාලක මණ්ඬලයට දමා පිටපත අනුමත කරගත්තා.

එහිදි ඔබට යම් විරෝධයක් මතුවුණා නේද? ඔව් කලින් මේ නාට්‍ය නිර්මාණය කළ අය රැඟුම්පාලක මණ්ඬලයට පවසා තිබුණා මට අනුමැතිය දෙන්න එපා කියලා. නමුත් මම කිව්වා මේක පොදු සිදුවීමක් නිසා පොදු දේපොළක් අනෙක් මම මෙහි වෙනස් කම් සිදුකරන බවත් කිව්වා. පසුව මම ප්‍රේමදාස ජයකොඩි මහතා සමග එක්ව කතරගම ප්‍රේමා නාට්‍යය නිර්මාණය කෙරුවා. ජයකොඩි මහතාත් මීට පෙර නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළ හොඳ කලාකරුවෙක්. 1978 කණ්ඩායම ඒ අයගේම පිටපතම නිර්මාණය කරනවා නම් කැමතිවුණා. නමුත් මගේ අවශ්‍යතාවය එය නොවන නිසා මම ඊට එකඟ වුණේ නෑ.

කතරගම ප්‍රේමා වේදිකා නාට්‍ය දැන් වේදිකාගත වෙමින් තිබෙනවා. ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම කතරගම ප්‍රේමවති කතාවම මම වේදිකාවට ගෙනාවනම් මේ නිර්මාණය මෙතරම් සාර්ථක වෙන්නේ නෑ. මේ වසරේ මාර් තු 16 තමයි එල්ෆින්ස්ටන් රඟහලේ මංගල දර් ශනය පැවැත්වූවා. මේ වනවිට එල්ෆින්ස්ටන් රඟහලේදීම දර්ශන හතරක් පෙන්වන ලැබි තිබෙනවා. ඒ අනුව දර්ශන හතක් වේදිකාගත කර තිබෙනවා. මෙම වේදිකා නාට්‍ය සංවාදශීලි නාට්‍යරංඟ රීතියක් මම අනුගමනය කළේ මෙය මෙරට පළමුවතාවට සිදුවුණා කියලයි මට හිතෙන්නේ.

මේ දිනවල තිබෙන වේදිකා නාට්‍යවලින් කතරගම ප්‍රේමා වෙනස් වන්නේ කොහොමද? ඇත්තෙන්ම ඉකුත් දශකයක කාලය තුල මේ රටේ නිර්මාණය වුණේ කොමඩි(විහිළු) දෙපැත්ත කැපෙන කුණුහරුප කියලා මිනිස්සු හිනස්සන වේදිකා නාට්‍යය මේවා නරඹලා මිනිස්සු හෙම්බත් වෙලා හිටියේ කතරගම ප්‍රේමා ට්‍රැගිඩි(ඛේදවාචක) නාට්‍යක් අවශ්‍ය බවට මේ නිහඬ ජනතාවගේ ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම තමයි මම සැපුරුවේ එය මට දැනිලා තිබෙනවා.

කතරගම ප්‍රේමා වේදිකා නාට්‍ය තරුණයින් සමග සංවාදශීලි නාට්‍යක් කරන්න යන පියවර කුමක්ද? වසරහැත්තෑ ගණනක් තිස්සේ මේ රටේ ඇතැම් දේශපාලඥයින්, ඉහල ව්‍යාපාරිකයින් හා රජයේ උසස් නිලධාරින් රටට සිදුකළ විනාශය ඛේදවාචකය අරගලයෙන් පසු තේරුණා තවදුරටත් සිදුකරන්න බෑ කියලා. ඒ නිසා මතුපරපුරට අපි නව සිස්ටම් චේන්ජ් ආරම්භ කරන්න වෙන්නේ. එම වෙනස පටන් ගන්න තමයි මගේ මෙම උත්සහය.

මෙම වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමේදී ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද? අද වර්තමානයේ කලාකරුවන් නැතිවෙමින් තිබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ නිර්මාණශීලි කලාකරුවන්ගේ රික්තයක් තිබෙනවා. මේ රූපවාහිනි චැනල් සිදුකර න ටෙලි නාට්‍ය නිෂ්පාදනයත් සමග මේ අවාසනාවන්ත තත්ත්වය උදාවෙලා. දක්ෂ නිර්මාණශීලි බුද්ධිමත් කලාකරුවන් බිහිවීම නැවතිලා. යළිත් නිර්මාණාත්මක වේදිකා නාට්‍ය තුලින් නළුනිළියන් බිහි කරලා උසස් නිර්මාණාත්මක සිනමාවක් හා රූපවාහිනි නාට්‍ය කලාවක් බිහිකරන්න කටයුතු විය යුතුයි. ජීවත්වීමේ අපසහසුතාවය මත සිටින දක්ෂ කලාකරුවන් ටික දෙනත් කුලිකරුවන් වශයෙන් රූපවාහිනි චැනල් ග්‍රහණය කරගෙන තිබෙනවා.

නැත්නම් මත්කුඩු විකුණමින් නිරුවත විකුණමින් යන මේ ගමන තමයි කලාව කියලා වර්තමානයේ අපි දකින්නේ මෙයින් අපි මිදෙන්න ඕනේ කතරගම ප්‍රේමා තුලින් ඉන් මිදෙන්න තමයි කටයුතු කරන්නේ මම සත්‍ය සිදුවීම් පාදක කරගෙන මොන අභිහෝග පැමිණියත් ඉදිරියට එවැනි නිර්මාණ තවදුරටත් කරන්න උත්සහ කරනවා.

මෙම වේදීකානට්‍යයට සම්බන්ධ ශිල්පීන්වූයේ ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර ,ශාලිකා එදිරිසිංහ,යශ් වීරසිංහ, කුමාරි මුණසිංහ, අජිත් ලොකුගේ, ඉෂාන් මෙන්ඩිස්,ජීවන් හඳුනෙත්තී,රෝහාන් විජේසේකර,දොන් ගයි,මලීෂා බන්ඩාර, සමන්ති මානගේ ,සුනිල් ප්‍රේමරත්න, විජේසිරි මැණික්පුර. රංඟනයෙන්ද සංගීත අධ්‍යක්ෂණය විජේසුන්දර වේරගොඩ, ගීපද රචනය චන්ද්‍රරත්න මාපිටිගම, සුසන්ත දන්දෙණිය, මංගලී දිසානායක. ගායනා කුමාරි මුණසිංහ, සරත් දික්කුඹුර,චමිල්කා ගයාත්‍රි, පසුතල නිර්මාණය හා අංඟරචනය සිරිනාථ වික්‍රමසිංහ. ශබ්ද පරිපාලනය ලකී මල්ලී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments