21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙකු හා තිප්පොළක් එස්.ටි.එෆ්.අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙකු හා තිප්පොළක් එස්.ටි.එෆ්.අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වනාතේ දිනුකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ⁣ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 550 ක්, සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වනාතේ දිනුකගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

ජාඇල ඔතේ කැලේදී දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් තිප්පොළක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය (බස්නාහිර උතුර) උප පොලිස් පරීක්ෂක ආර්.පී.එස්.ටී. කාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) ජාඇල පොලිස් වසමේ ඔතේ කැලේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් තිප්පොලක් වටලා නීති විරෝධී මත්පැන් ලීටර් 337.5 ක් තඹ දඟර 09 ක් සහ යකඩ බැරල් 20 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments