26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වකීය බදු ආදායම රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා යෑමට ශ්‍රී...

ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වකීය බදු ආදායම රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වකීය බදු ආදායම රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවීමට ශ්‍රී ලංකා රේගුව අද (06) සමත් වුණු බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.

මේ වසරේ ජනවාරි (01) සිට සැප්තැම්බර් 06 දින දක්වා කාලසීමාව තුල මෙම වාර්තාගත ආදායම රැස් කිරීමට රේගුව සමත්වී තිබේ.

මීට පෙර වසරක් තුල රේගුව උපයා තිබූ වැඩිම ආදායම වාර්තා වුණේ රුපියල් බිලියන 975ක්. ඒ ඉකුත් (2023) වසරේදීය.

මෙම වසර තුල රජය රේගුවට ලබා දී ඇති බදු ඉලක්කය වන්නේ රුපියල් ට්‍රිලියන 1.533කි. දැනට අත් කරගෙන ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන, එම ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇති බව රේගුව විශ්වාසය පලකරයි.

රේගුව තුල ඇති කරන ලද පෙර නොවූ විරූ වෙනස්කම් මෙම වාර්තාගත ආදායමට සෘජුව බලපෑ බව රේගුව ප්‍රකාශ කරයි.

වර්තමාන රේගු අධ්‍යක්ශ ජනරාල් වරයාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ විශේෂයෙන්ම 2024-28 උපාය මාර්ගික සැලැස්මට අනුකූලව එක් එක් අංශ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ලබා දී ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම, අවධානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් ඉහල අවදානමක් ඇති අවස්ථා හඳුනාගැනීම, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම තුලින් කාර්යක්ෂමතාවය හා විනිවිද භාවය ස්ථාපිත කිරීම, තොරතුරු තාක්ෂණය භාවිතය ඉහල දැමීම, බොහෝ ක්‍රියා පටිපාටීන් ස්වයංක්‍රීයකරණය තුලින් මානව මැදිහත්වීම අවම කර රේගු වංචා හා දූෂණ සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීම, සාම්ප්‍රදායෙන් බැහැරව ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සුදුසු තනතුරු වලට පත් කිරීම, රේගු නිලධාරීන්ගේ සුපිළිපන් බව ඉහල දැමීම තුලින් බදු ආදායම කාන්දු වීම අවම කිරීම වැනි පියවර තුලින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට රේගුව සමත් වුනා.

එසේම මෙම කාර්යභාරය සිදු කරන ලද්දේ නිලධාරීන් අවශ්‍ය ප්‍රමානයෙන් සියයට තිහක අඩුවක් පවතිද්දී වීමත් එසේම සාමාන්‍ය වසර වලදී ආදායමෙන් 25%ක් ලබා දෙන මෝටර් රථ ආනයනය ඉතාම අවම මට්ටමක තිබියදී වීමත් සඳහන් කලයුතු සුවිශේෂී කරුනු වේ.

රේගුවේ සමස්ත කාර්යමණ්ඬලයේ සුවිශේෂී කැපවීම මෙම ඉතිහාස ගත ආදායම රැස් කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණක්.

එසේම මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේත් නායකත්වය හා මගපෙන්වීම මෙම ජයග්‍රහණයට බොහෝ ඉවහල් වූ බව රේගුව අවධාරණය කරයි.

මේ අතරම සංවිධානාත්මකව සිදුවන හොර ජාවාරම් මැඬලීමේ දුෂ්කර කාර්යභාරයද නොපිරිහෙලා ඉටු කිරීමට රේගුව සමත් වී ඇති බව මෙම ප්‍රගතිය තුලින් ඉස්මතු වන කරුනකි.

රජයට අවශ්‍ය බදු ආදායම එක් රැස් කිරීමට උර දෙමින් සමාජ ආරක්ෂණයට, රටේ ආර්ථික සංවර්ධනයට හා ජනතා සුබසාධනයට ඉවහල් වන මහජන සේවයක් සිදු කිරීමට හැකිවීම සමස්ත රේගු සේවයටම ආඩම්බර විය හැකි කරුනක් බව මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments