යනෙන මග තොට කොහේ රැඳුනත් දෑස් අවතැන් වී ඇතී දුහුල් සලු පිලි ගත නොරැඳුනත් දෑස් නම් කමකට නැති උස්ම ලමැදින් පටන් ගෙන ඒ කොහේදෝ නතරව ඇති වැරැහැලි උවත් ඒ ගත දෑස් නම් නොනවතිනු ඇති . හදේ කොනකින් පටන් ගෙන ගලා යන සිතිවිත් දහසක් වෙතී පවුරු බැන්දත් කෙසේ,හෝ ඒ ගඟ රිසි සේ ගලනව ඇතී කුසේ,පොත්තත් අතින් අතගා හිතින් තලු මරණව ඇති දොසක් නම් කිම නවත්වනු බැරි මෙ සිතිවිලි සසරට බැඳ ඇති . ®