22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect මූලධර්ම චින්තනය පදනම්...

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි

329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කර‍යි

කොළඹ, ශ්‍රී ලංකා – සැප්තැම්බර් 12, 2024– ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arenaසමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai දියත් කිරීම නිවේදනය කරයි. Microservices 329ක්, events 535ක් හා 1757කට වැඩි APIs, සමඟින් මෙම මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු වේදිකාව ඔස්සේ මෙරට මූල්‍ය ආයතනවලට ගෝලීය තරඟකාරීත්වයක් සපයමින් අනාගතයට සූදානම් විසඳුම් ගොඩනඟා ගැනීමටමෙමඟින් හැකියාව ලබා දෙයි. බැංකු මෙහෙයුම් මගින් නිර්මාණය කරන ලද හෝ නියාමන සහ අනුකූලතා විධානයන් මගින් ඇති කරන ලද අවස්ථා සොයා බැලීමට අමතරව, eMACH.ai මඟින් බැංකුවේ පාරිභෝගිකයන් Retail, HNI, SME, හෝ Corporate සහ ඔවුන්ගේ මූල්‍ය ගමන්මඟෙහි අවස්ථාවන්කෙරෙහි අවධානයෙන් තබයි.

ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන ගමනේ තීරණාත්මක ස්ථානයක සිටියි. eMACH.ai ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ මූල්‍ය හා තාක්ෂණික නවෝත්පාදනය ගෝලීය වශයෙන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කරන කාලයකය. ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදුකිරීම ඉහළ යාම, AI තාක්ෂණයෙන් යුත් බැංකු පහසුකම්, විවෘත බැංකු ක්‍රමවේද, ක්ලවුඩ් පදනම් කරගත් යටිතල පහසුකම් යනාදි මූලික ප්‍රවණතා තුළින් ලොව පුරා මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දෙයි. මූල්‍ය ඇතුළත් කිරීම් වැඩිදියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව ද මෙම වෙනස අත්විඳිමින් සිටියි. අති නවීන තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ හිතකර නියාමන රාමුවක් අනුගමනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බැංකුවලට මූල්‍ය ඇතුළත් කිරීම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සිදු කළ හැකිය.

හුදෙක් ඩිජිටල් විසඳුමක් නොවී පරිවර්තනීය විසඳුම් නිර්මාණය කිරීමට බැංකු දිරි ගන්වමින්, eMACH.ai ශ්‍රී ලාංකේය බැංකු සඳහා තාක්‍ෂණය සරල කරයි. eMACH.aiහිඅන්තර්ගත අංගයන් මූල්‍ය අංශයේ අනාගත අවශ්‍යතා හා සමපාත වන අතර වේගවත් තාක්ෂණික වෙනස්වීම් හමුවේ නොවෙනස්ව හිඳිමින් බැංකුවලට සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හැකි බවට සහතික කරයි. මෙය ඵලදායී ලෙස තාක්ෂණය භාවිතා කිරීමට එහා යමින් සැළකිය යුතු ව්‍යාපාරික බලපෑම් ඇති කිරීම වෙත අවධානය යොමු කරමින් පාරිභෝගික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් ක්‍රමෝපායයන් සංවර්ධනය කිරීමට හැකියාව ලබා දෙයි.

HDFC ශ්‍රී ලංකා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB), Cargills Bank, Commercial Development Bank (CDB), Central Finance, Seylan Bank, සහ Union Bank of Colombo ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතන කිහිපයක් සමඟ Intellect දැනටමත් කටයුතු කරයි. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා මෙම ආයතන ඩිජිටල් ක්‍රමෝපායයන් අනුගමනය කිරීමෙහි පෙරමුණ ගෙන ඇත. eMACH.ai හඳුන්වාදීම සමඟින්, පුළුල් පාරිභෝගික පිරිසක් වෙත නව්‍ය මූල්‍ය සේවා ලබා දීමට ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයක් සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීමට Intellect සූදානම් වේ.

eMACH.ai සමඟින් ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතනවලට ගෝලීය මුහුණුවරක් ලබා ගත හැකිය. මෙමඟින්,
• Microservices 329ක්, APIs 1757, සහ events 535ක්සමඟින්අනාගතයට සූදානම් තාක්ෂණික විසඳුම් නිර්මාණයටබැංකු සවිබලගැන්වීම.
• ව්‍යවසායසම්බන්ධිතබුද්ධියසඳහාඋත්ප්‍රේරකයක්ලෙසක්‍රියාකරමින්බුද්ධිමයනායකත්වයසමඟමාරුවතුළින්බැංකුවලටඉදිරියටයාමටමගපෙන්වීම
• කලාපය වෙත එහි ගෝලීය ප්‍රතිලාභ ලබා දෙමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ මූල්‍ය තාක්ෂණයේ අනාගතය යළි නිර්වචනය කිරීම සහ මුල්‍ය නවෝත්පාදන පෝෂණය කිරීම.
• මෙමසංයුක්තහාබුද්ධිමයවිවෘතමූල්‍යවේදිකාවසමඟව්‍යවසායපරිවර්තනයකිරීමෙන්නවවර්ධනමාර්ගසොයාගැනීම, iTurmericසමඟඅත්දැකීම්ඉහළනැංවීම, MACH සංයුක්තවේදිකාවක්සහතීරණාත්මකබුද්ධිවේදිකාවක්වනPurple Fabric සමඟමෙහෙයුම්වැඩිදියුණු කිරීම.
eMACH.ai දියත් කිරීම පිළිබඳව Intellect Design Arena Ltd හි ඉන්දියා සහ දකුණු ආසියාවේ ප්‍රධාන විධායක නිලධාරී රමනන්එස්. වී, සිය සතුට පළ කරමින්, “හුදෙක් වේදිකාවක් හඳුන්වා දෙනවා වෙනුවට eMACH.ai සමඟින් අපි ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ අනාගතය සවිමත් කරනවා. බුද්ධිය, ක්‍රියාශීලීත්වය සහ නවෝත්පාදනයන් සමඟ නායකත්වය දෙමින් මූල්‍ය ආයතන සවිබලගැන්වීම අපේ අරමුණයි. විනිවිදභාවය, ඩිජිටල් ක්‍රමවේද භාවිතය වේගවත් කිරීම, සහ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම තුළින් පළමු මූලධර්ම චින්තනය මත ගොඩනගා ඇති, eMACH.ai සමස්ත මූල්‍ය පරිසර පද්ධතියම පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. මෙම eMACH.ai බැංකු සඳහා ඔවුන්ගේ ගමන්මග වෙනස් කරන්නෙකු පමණක් නොව ගෝලීය මට්ටමින් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව යන ගමන සඳහා උත්ප්‍රේරකයක් ද වෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.
Intellect Design Arena Limited පිළිබඳව
Intellect Design Arena Ltd යනු රටවල් 57 ක අනාගත ගෝලීය මූල්‍ය ආයතන සඳහා සංයුක්ත සහ බුද්ධිමය විසඳුම් සපයන ව්‍යවසාය ශ්‍රේණියේ මූල්‍ය තාක්‍ෂණ ප්‍රමුඛයෙකි. Intellectහි පෙරළිකාර මූලධර්ම චින්තනය මත පදනම් වූ පළමු ව්‍යවසාය සම්බන්ධිත බුද්ධි වේදිකාව, eMACH.ai,ලෝකයේ වඩාත්ම විස්තීර්ණ, සංයුක්තසහ විවෘත බුද්ධිමය මූල්‍ය වේදිකාවයි. microservices, 329ක්, events 535ක් සහ API 1757කට අධික ප්‍රමාණයක් සමඟින්, eMACH.aiසැලකිය යුතු ගෝලීය තරඟකාරීත්වයක් සපයන අනාගතය සඳහා-සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ යෙදවීමට මූල්‍ය ආයතනවලට හැකියාව ලබා දෙයි.දශක තුනක domain ප්‍රවීණත්වය සමඟින්, Intellect විසින්Global Consumer Banking (iGCB), Global Transaction Banking (iGTB), IntellectAIසහ Digital Technology for Commerce (iDTC)යන ව්‍යාපාර අංශහතරක් හරහා බැංකු සහ රක්ෂණ තාක්‍ෂණ නිෂ්පාදනවල සම්පූර්ණ විචිත්‍රනයක් පිරිනමයි.
Intellectයනු නිර්මාණ චින්තනය ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙකු මෙන්ම අපගේ 8012 FinTechනිර්මාණ මධ්‍යස්ථානය වේ. මෙය නිර්මාණ චින්තන මූලධර්ම සඳහා කැප වූ ලොව ප්‍රථම නිර්මාණ මධ්‍යස්ථානය වන අතර, ඩිජිටල් පරිවර්තනය සඳහා දිනෙන් දින වර්ධනය වන අවශ්‍යතාව ආමන්ත්‍රණය කරමින් අඛණ්ඩ හා ඵලදායී නවෝත්පාදනයන් සඳහා අපගේ කැපවීම අවධාරණය කරයි.Intellect යනු නිර්මාණ චින්තනය ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙකු මෙන්ම අපගේ 8012 FinTechනිර්මාණ මධ්‍යස්ථානය වේ. ප්‍රධාන ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානවල විසඳුම් නිර්මාණ ශිල්පීන් සහ domainසහ තාක්‍ෂණ විශේෂඥයින්ගේ ඇතුළු විවිධත්වයෙන් යුත් ශ්‍රම බලකායේ සහාය ඇතිව ලොව පුරා සිටින පාරිභෝගිකයින් 325කට වැඩි පිරිසකට අපි ආඩම්බරයෙන් සේවය කරන්නෙමු. Intellect පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, https://www.intellectdesign.com/වෙත පිවිසෙන්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments