25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නීති විරෝධී පක්ෂ කාර්යාල සම්බන්ධව පෑෆරල් මැතිවරණ කොමිසමට ලිපියක් යවයි.

නීති විරෝධී පක්ෂ කාර්යාල සම්බන්ධව පෑෆරල් මැතිවරණ කොමිසමට ලිපියක් යවයි.


නීති විරෝධී මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විසින්  ප්‍රදේශ 84ක් ආවරණය වන පරිදි සංගණනයක් පවත්වන ලදී. එහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට අදාලව ඡන්ද විමසීම් ප්‍රචාරක කාර්යාල පිහිටුවීමට සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ  (චක්‍රලේඛ අංක EC/EDR/PRE/2024/21 )සඳහන් කරුණු වලට පටහැනි ආකාරයට පවත්වාගෙන යන කාර්යාල 307 ක් පිළිබඳව තොරතුරු වාර්තාවී ඇත.

එහිදී ප්‍රධාන වශයෙන් සලකා බැලූ කරුණු වන්නේ,
01. කිසිදු ගොඩනැගිල්ලක් නොමැති ස්ථාන වල කාර්යාල ලෙස සදහන් කරමින් සකස් කර තිබීම.
02. කාර්යාලය අවම වශයෙන් පැය හතරක් විවෘතව නොතැබීම
03. කාර්යාලයේ ප්‍රචාරක පුවරු නියමිත ප්‍රමාණයට වඩා සවිකර තිබීම.
04. විශාල වශයෙන් සැරසිලි කර කොඩි බැනර් ආදිය කාර්යාල සීමාවෙන් පිටත සවිකර තිබීම.
05. අපේක්ෂකයන් නොවන පුද්ගලයන්ගෙ රුව සහිතව  කටවුට් ප්‍රදර්ශනය කරමින් කාර්‍යාල පවත්වාගෙන යාම.
06. කාර්යාල දෙකක් අතර නියමිත දුර පවත්වා නොගැනීම.
07. කාර්යාලවලට දක්වා තිබෙන අවම ප්‍රමාණය නොමති වීම.

මෙලෙස නිරීක්ෂණයට ලක්වූ කාර්යාල අතර සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ යන අපේක්ෂකයන්ගේ කාර්යාල විශාල වශයෙන් පවතින අතර ඊට අමතරව වාර්තා වී ඇත්තේ නාමල් රාජපක්ෂ ,දිලිත් ජයවීර සහ නුවන් බෝපගේ යන අපේක්ෂකයන්ගේ කාර්යාල සම්බන්ධයෙන් පමණි.

අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් නාම යෝජනා භාර දී තිබුනත් ඡන්ද ප්‍රචාරක ක්‍රියාවලියේ නිරත වන බවට පෙනී යන්නේ අපේක්ෂකයන් සුලු ප්‍රමාණයක් පමණි.

එම නිරීක්ෂණයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව පවත්වාගෙන යන කාර්යාල පිළිබඳව විස්තර ඇතුළත් ලේඛන පහතින් අමුණා ඇති අතර ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments