22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා...

මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා…

තවත් 19 දෙනෙකුට අදත් ගුවන් ටිකට්පත්

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දිනයේදී (9/12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

මෙම පිරිස සැප්තැම්බර් මස 15 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ ෆීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1,618 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී තිබේ.    

ලොව හොඳම සාත්තු සේවා ආර්ථිකය ඇති රට බවට ශ්‍රි ලංකාව පත්කිරීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් යුරෝපා, මැදපෙරදිග හා නැගෙනහිර ආසියානු රටවල සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments