29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමිනිස් ජීවිතයට අහිතකර අන්තරාදායක ඖෂධ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මිනිස් ජීවිතයට අහිතකර අන්තරාදායක ඖෂධ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මිනිස් ජීවිත අවධානයට හෙලමින් වෛද්‍ය නිර් දේශයක් නොමැතිව අන්තරාදායක ඖෂධ වන විවිධ වර් ගයේ මත්කරල් සන්තකයේ තබාගෙන අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර් ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් පස්සර කඳවුරේ පොලිස් පරීක්ෂක ඩබ්.ජී.එන්. සේපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) බදුල්ල පොලිස් වසමේ නිව් ෆාමසි, අංක 43, බණ්ඩාරවෙල පාර, බදුල්ල ලිපිනයේ දී සහ බදුල්ල මහ රෝහල ඉදිරිපිට දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

එහි දී ජීවිත අන්තරායට හෙලමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු අන්තරාදායක ඖෂධ වන විවිධ වර්ගයේ මත්කරල් 891 සන්තකයේ තබාගෙන අලෙවි කල බදුල්ල හා දෙමෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46, 58 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිළධාරින් වෙත භාර දී ඇත.

රුපියල් කෝටි 05 කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203 ක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශයෙන් ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) රාජාංගනය පොලිස් වසමේ 06 කොටස, යාය 14, රාජාංගනය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් කෝටි 05 කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203 ක් අඩංගු කවර 94 සන්තකයේ තබා ගෙන සිටි කලාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments