ඒ අනුව එම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
මහතා මෙසේ පැවසීය…
මේ අවස්ථාවේ (12 ) පස්වරු දහයයි තිහට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වන තුලාව වැඩසටහනට කැබිනට් ප්‍රකාශක මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහභාගී වන අතර වැඩසටහන මෙහෙයවන සුධර්මන් රදලියගොඩ ප්‍රකාශ කර සිටියේ නෙකුත් අපේක්ෂකයන්ටද ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මෙම වැඩසටහනෙන් අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි. නමුත් මැතිවරණයට පවතින කාලය සහ ඉදිරියේදී මෙම වැඩසටහන සඳහා කාලය වෙන්වන ආකාරය බැලූ විට එය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් සිය විකාශ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යොදවන බව පෙනී යයි. එසේම මෙම තත්ත්වය අනිත් අපේක්ෂකයන්ට අසාධාරණයක් වන අතර රාජ්‍ය මාධ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සෘජුවම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත උල්ලංඝනය කිරීමකි.