26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedසේවක අර්ථසාධක අරමුදල(EPF) සුරක්ෂීත කිරීම පිළිබඳ නිර්දේශ පහකින් යුත් යෝජනාවලියක් සියලු ජනපති...

සේවක අර්ථසාධක අරමුදල(EPF) සුරක්ෂීත කිරීම පිළිබඳ නිර්දේශ පහකින් යුත් යෝජනාවලියක් සියලු ජනපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගත් බවත් ඊට පිළිතුරු ලැබීම දුර්වල බව වෘත්තිය සමිති එකොළහකින් යුත් නියෝජිත පිරිසක් පවසති.

මෙහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා……දකුණු ආසියාවේ තිබෙන මේ විශාල අරමුදල අපේ වැඩකරන පන්තිය ඔහුන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුනු එකක්. ලෝකයේ කිසි රටක ඊට බදු ගහන්නේ නෑ. නමුත් අපේ රටේ 14%ක් බදු ගහනවා. මේවා ව්‍යාපාර කරලා ඉතිරි කරපුවා නොවේ. ඒ්වා පාලකයෝ තේරුම්ගත යුතුයි. ඒ් නිසා මේ අරමුදල රැක ගැනීම සෑම දෙනාගේම යුතුකමක් හා වගකිමක්. අපි යවපු ලිපිවලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගෙන් දැනට සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් පමණයි පිළිතුරක් අප වෙත ලැබි තිබෙන්නේ. ඒය කණගාටුදායක තත්ත්වයක්

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මහතා. අද දින කම්කරු උපදේශන සභාව නියෝජනය කරන වෘත්තීය සමිති එකොළහක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වි සිටින අපේක්ෂක්ෂකයින් පස්දෙනාට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නා දැනට ලක්ෂ විසිහතක් වන ශ්‍රමිකයින්ගේ විශ්‍රමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල ඇතිවි තිබෙන බලපෑම පෙන්වාදී එම අරමුදල රැකගැනීම සඳහා අපි නිර්දේශ පහක් යෝජනා කළා. ඒ් යෝජනා පිළිබඳ අපෙක්ෂකයින්ගේ ප්‍රතිචාර ඉල්ලා සිටියා අදවනතුරුත් එක අපේක්ෂකයෙක් පමණයි ප්‍රතිචාර දක්වා තිබෙන්නේ. අනෙක් අය අපට අපේ ලිපිය ලැබුණා කියලවත් දැනුම් දී නෑ. සමගි ජන බලවේගය පමණයි අපිට දනුම්දී තිබෙන්නේ ඒ් අයගේ බ්ලු ප්‍රින්ට් ප්‍රකාශයේ මෙය ඇතුළත් කර තිබෙන බව එම ප්‍රකාශය දැන් අපි අධ්‍යනය කරමින් සිටිනවා.

මේ වැඩ පිළිවෙල මෙතැනින් නවතින්නේ නෑ. මහා මැතිවරණය දක්වාම ශ්‍රමිකයින් දැනුවත් කරමින් ඉදිරියට අරගෙන යෑමට බලාපොරාත්තු වෙනවා. කව්රු බලයට පැමිණියත් ඒ් අයට බලපෑමක් කරලා සේවකයින් වෙනුවෙන් මේ අරමුදල රැක ගන්න කටයුතු කරනවා.

ඒ් අනුව අද (16) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒම වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසුවේ පසුගිය සමයේ මේ රටේ වැඩකරන ශ්‍රමිකයින්ට දහඩිය මහන්සියෙන් ගොඩනැගුණු මෙම අරමුදලේ ශේෂය 2022 වනවිට රුපියල් ට්‍රිලියන 3.5ක මට්ටමට පැමිණ ඇත. සක්‍රීය සාමාජික ගිණුම් මිලියන 2.4ක්ද අක්‍රීීය ගිණුම් මිලියන විස්සක් තිබේ.

මේ රටේ මෙම අරමුදලට දායකවන ශ්‍රමිකයින් විශ්‍රාම ගිය දිනක ඔවුන්ට ඇති විශාල ඉතුරුම සේවක අර්ථසාධකය. ඒ් නිසාම සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කරගැනීම මෙරට වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීරණාත්මකයි.

ලංකා වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් වතු කම්කරු සමිතිය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා,ජාතික කම්කරු සමිතිය, ලංකා වතු සේවා සංගමය, ඒ්කාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා කම්කරු සම්මේලනය, ලංකා ජාතික වතුකම්කරු සංගමය යන වෘත්තීය සමිති නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments