21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedදීර් ඝ කාලයක් පරිසරය විනශ කරන කැලෑ පාළුවන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දීර් ඝ කාලයක් පරිසරය විනශ කරන කැලෑ පාළුවන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දීර් ඝ කාලයක සිට වනාතවිල්ලුව,තබ්බෝව අධි ආරක්ෂිත රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වී මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදුකල හා එහි ගැවසෙන වන සතුන්ට දඩයම් කරමින් දඩ මස් හා දැව ජාවාරමේ යෙදුණු පුද්ගලයකු ගිණි අවියක් එම උණ්ඩ හා විශාල දැව ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට කරුවලගස්වැව වනජිවි කාර්යාලයෙන් ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත පුත්තලම කඳවුරේ උප පොලිස් පරික්ෂක කේ.ටි.ටි.එච්. කරුණාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කරුවලගස්වැව වනජිවි කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (17) වනාතවිල්ලුව පොලිස් වසමේ තබ්බෝව අධි ආරක්ෂිත රක්ෂිතයේ රාල්මඩුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අනවසරයෙන් රක්ෂිතය ට ඇතුළු වී රක්ෂිතයේ ජෛව විවිධත්වයට හා ස්වාභාවික පරිසරය වනසමින් මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදුකරමින් වනසතුන් දඩයම් කල පුද්ගලයකු බෝර 12 ගිනි අවියක්, SG ජිව පතරොම් 02 ක්, SG හිස් පතරොම් කොපු 09 ක්, යකඩ බෝල 100 ක්, මුව මස් කිලෝ ග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගෙන සිටි රාල්මඩුව, එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලදී බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ලද දැව ගබඩාවක් ද සොයා ගෙන ඇති අතර එහිදී කරුවල, කුඹුක්, බුරුත, කොහොඹ, තේක්ක වර්ගයේ දැව විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වනාතවිල්ලුව වනජිවි කාර්යාලය වෙත භාර දී ඇත.

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගේ අණ නොතකා මාර්ග බාධක අතරින් පලායෑමට උත්සාහ කල බොලෙරෝ වර්ගයේ රථයක් හඹා ගොස් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති විශාල කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් නෙල්ලිඅඩි කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.එම්.එස්. දුෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පලෛ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (15 ) පලෛ පොලිස් වසමේ සෝරම්පත්තු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කට්ටකාඩු ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියක් සිදුකරමින් සිටියදී අණ නොතකා ධාවනය කල බොලෙරෝ රථයක් හඹා ගොස් ඇති අතර, එම රථය සෝරම්පත්තු, පලෛ ලිපිනයේ පිහිටි කාන්තාවකගේ නිවසේ ගෙමිදුල තුල නවතා රියදුරු පලා ගොස් ඇත. එහි දී ප්‍රවාහනයට සූදානම් කර තිබූ කේරළ ගංජා පාර්සල් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත. තව දුරටත් සැකකාරියට අයත් නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයේ තිබී කේරළ ගංජා පාර්සල් 20 ක් සහ වැසිකිලිය තුල තිබී තවත් කේරළ ගංජා පාර්සල් 16 ක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සමග පලෛ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල මුළු බර කිලෝ ග්‍රෑම් 95, ග්‍රෑම් 385 ක් වන අතර වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments