රනිල් කියනවා එයා රට ස්ථාවර කරාලු. එයාට ඡන්දය දෙන්නලු . පහුගිය කාලේ රටේ ජනතාවගේ ලයිට් බිල තුන් ගුණයකින් විතර වැඩි වුනා. තෙල් ටික ගෑස් ටික වැඩි වුනා. බඩු මිළ වැඩි වුනා. ඒක තමයි රනිල් ස්ථාවර කලා කියලා කයිවාරු ගහන රටේ ඇත්ත තත්වය-පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (16) හෝමාගම නගරයේ පැවැති ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ජයග්‍රහණය සඳහා පැවැති ජන රැලියක් අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…..මේ ස්ථාවරත්ව හදල දීලා තියෙන්නෙ කාටද ධන කුවේරයන්ට.
අපි මේ IMF ගිය 17 වෙනි වතාව. ඒගොල්ලන්ගෙ නියෝග ඒගොල්ලන්ගෙ කොන්දේසි තමයි රනිල් මේ ඉටු කරන්නේ. ඔවුන් තමයි කියන්නෙ බදු වැඩි කරන්න කියලා. ඔවුන් තමයි කියන්නේ තෙල් ටික විදුලිය වැඩි කරන්න කියලා, ඔවුන් තමයි කියන්නේ මහබැංකුව ස්වාධීන කරල IMF එකේ ඉත්තෙක් කරන්න කියලා, කම්කරුවගේ ජීවත විනාශයට ඇදලා දාන තනි කම්කරු නීතිය ගේන්න කියන්නේ IMF එක. ඒ නිසා අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටේ වැඩකරන ජනතාවගේ ජීවිත විනාශට ඇදලා දාන ආයතනයක්.
දැන් අනුර කුමාරට ඡන්දය දෙන්න පිරිසක් බලාගෙන ඉන්නවා. එක පැත්තකින් ජාතිවාදය අවුස්සලා රටේ ජනතාව දැවැන්ත වෛරයකට ඇදල දාපු මහින්දෙගේ පුතා ඡන්දෙට ඇවිල්ලා. තව පැත්තකින් 88 – 89 දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරපු ප්‍රේමදාසගේ පුතා මැතිවරණයට ඇවිල්ලා. හැබැයි ජනතාව ඒ කොළඹ හතේ කුමාරයන්ට විරුද්ධව තඹුත්තේගම පුතෙක් ජනාධිපති කරන්න ඕන කියලා බලාගෙන ඉන්නවා.
එහෙම තියෙද්දි මාලිමාව ඇතුලු අනුරලා මොනවද මේ කරන්නේ ? අර මහින්දල රනිල්ලා ක්‍රියාත්මක කරපු විනාශකාරී IMF වැඩපිළිවෙළම ඉදිරියට ගෙනියන්න බලාගෙන ඉන්නවා. ඉන්දියානු මැදිහත් වීම් වලට එරෙහි වෙනවා වෙනුවට අදානිලා අම්බානිල පෝෂණය කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න බලාගෙන ඉන්නවා. ජෝන් කීල්ස් DSI වගේ සමාගම් තමන්ගේ වේදිකාවට ගෙනල්ලා ඔවුන්ට පොරොන්දු දෙනවා අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකරණය කරන බව. අතීත ශිෂ්‍ය ව්‍යාපාරය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය අයිතිය ආපස්සට හරවන්න තමයි අනුරකුමාර දැන් ලෑස්ති වෙලා ඉන්නේ.
ඒ නිසා අපි කියනවා මේ රටේ ආදරණීය ජනතාවට අපි කියනවා මොන තත්වයක් ඇතුලෙ හරි අමාරුවෙන් ඔබේ දරුවට අකුරක් උගන්නන්න පුලුවන් කම තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා. ලෙඩ උනාම රෝහලෙන් බෙහෙත් ටිකක් ගන්න පුංචි හරි අවස්ථවක් තියෙන්නෙ නිදහස් සෞඛ්‍ය නිසා. දැන් අනුර නියාමනය කියලා ප්‍රෝඩාවක් ප්‍රතිපත්තියට ගෙනල්ලා තියනවා. මොකද්ද මේ කරන්නේ ? මේ සූදානම් වෙන්නේ නීතිගත කරගන්න බැරුව ඉන්න පෞද්ගලික විශ්වවිද්‍යාල , පෞද්ගලික රෝහල් නීතිගත කරලා ඒවට වටිනාකමක් හදල දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඒ වටිනාකම ඇතුලේ සුපිරි මුදළාලට අධ්‍යාපනය සෞඛ්‍ය විකුණලා ලාභ උපයන්න අවස්ථාව හදල දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.
අපි කියන්නේ සුපිරි ව්‍යාපාරිකයන්ට යට නොවී වැඩකරන ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ආර්ථිකයක් ඕන. ධීවරයට කම්කරුවට ගොවියට තමන්ගේ දරුවට උගන්නන්න පුලුවන් ආර්ථිකයක් අපි හදන්න ඕන. ඒක කරන්න බෑ IMF වැඩපිළිවෙළ එක්ක ගිහිං. ඒක කරන්න බෑ ඉන්දියානු ගැතිවෙලා, මේ රටේ දුප්පත් ජනතාව තමයි 85% ක් බදු ගෙවන්නේ . ඒ ක්‍රමය වෙනස් කරලා ධන කුවේරයන්ට බදු ගහන ප්‍රතිපත්තියක් ගේන්න ඕන .
අන්න ඒ ජනතාවගේ පැත්තෙ ඉදලා ගන්න තීරණයක් තමයි ජනතාවගේ ප්‍රතිපත්තිය. කුඩය ලකුණට දෙන හැම ඡන්දයක්ම නියෝජනය කරන්නේ ඒ ජනතාවගේ ඇත්ත බලාපොරොත්තුවයි.