ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ජන රැළි මාලාවේ අවසන් ජන රැළිය ( 18 ) දින කිරිබත්ගොඩ නගරයේදී පැවැත්විණි.මෙම රැලිය ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා පැවැති අතර එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ සුරේකා සමරසේන………අද තමයි ඔය ගොඩක් අපේක්ෂකයන්ගේ අවසාන ජන රැළි පවත්වන්නේ. ඒගොල්ලන්ට නැවත ජනතාව අතරට එන්න බෑ. හැබැයි අපි අද ගන්නේ ආරම්භයක්.
මං පහුගිය කාලේ රාවය පුවත්පතට ලිව්වා ඇඩ්‍රස් එකක්වත් නැති මිනිස්සු කියලා වතුකරයේ ජනතාව ගැන. මං කඳුකරේ හිටිය දවස් 5ම ඒ මිනිස්සු කෑවේ වම්බටු කරියක් එක්ක රොටී. ඒක තමයි තේ දළු කඩලා රටට ඩොලර් උපයන වතුකරේ කාන්තාවගේ ජීවිතයේ ඇත්ත. උතුරේ යුද්ධය නිසා වැඩියෙන් පීඩාවට පත් වුනේ කාන්තාව.
දැන් අඟහරු ලෝකේ ඉඳලා ප්‍රතිපත්ති හදන අයට කාන්තාවගේ ප්‍රශ්න තේරුම් ගන්න බෑ. ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති වල කතාකරන්නෙ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් දෙන එක ගැන විතරයි. ඒගොල්ලන්ට කාන්තාව පේන්නෙ වදන මැෂින් එකක් විදිහට. කාන්තාවට තීරණ ගන්න අයිතිය නැද්ද ? කාන්තාවට දේශපාලනය කර්න්න අයිතිය නැද්ද ? ඒ අයිතිය දෙන වැඩපිළිවෙළ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරන්න මේ අපේක්ෂකයන්ට තවම බැරි වෙලා තියනවා.