අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ,කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා,වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන,සෞඛ්‍ය යන අමාත්‍යාංශවල වගකීමද ඇයට අග්‍රමාත්‍යධූරයට අමතරව ඉටුකරනු ලැබේ.
ශ්‍රී ලංකික දේශපාලඥයෙක්, ශාස්ත්‍රාලිකයෙක්, අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. අමරසූරිය ජාතික ලැයිස්තුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඇය 1970 මාර්තු (06) උපත ලැබුවාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත. ඇය 2019 සිට ජාතික ජන බලවේගයපක්ෂය නියෝජනය කරයි. ඇය ජාතික ජන බලවේගයේ මතවාදීව මධ්‍ය-වමේ ; ඇය තමා ලිබරල්වාදියෙකු ලෙස සලකයි. තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධය. ඇය දැනට නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.
ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය. ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණ සිදු කළාය.
2011 වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමෙන් පසු ක්‍රියාකාරීත්වයේ සිය වෘත්තීය ජීවිතය කරගෙන ගිය ඇය නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය. ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට බැඳුණාය.
2019 ශ්‍රී ලංකික ජනාධිපතිවරණ සමයේදී NPP අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළාය. 2020 අගෝස්තු 12 වන දින, ඇය 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුවට ඇතුළු වීම සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගය විසින් නම් කර පත් කරන ලදී.
ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස හරීනිට ඇයගේ සේවය දිගටම කරගෙන යා හැකිද යන්න පිළිබඳවද ව්‍යාකූලත්වය සහ කනස්සල්ල මතු විය. කෙසේ වෙතත්, EconomyNext සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය නිල වශයෙන් හෙළි කළේ තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු දේශපාලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.
2024 පැවැති ජනාධිපතිවරණයෙන් පසු නවවෙනි විධායක ජනපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා පිහිටුවන තාවකාලික භාරකාර ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිසි අමරසූරිය මහත්මිය පත්වීමට නියමිත බව ආරංචි මාර්ගවලින් පැවැසේ.