24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පොලිස් විශේෂ කාර් ය බලකායට දෙමළ භාෂා පුහුණුව..

පොලිස් විශේෂ කාර් ය බලකායට දෙමළ භාෂා පුහුණුව..

පොලිස් නිලධාරින්ගේ සහ රාජ්‍ය සේවකයින් අතර වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් භාෂා කුසලතාව වැඩි කිරීමේ අරමුණින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරික්ෂක ප්‍රවීණ දෙමළ භාෂා ආචාර්ය රවීන්ද්‍ර සිල්වා මහතා විසින් මාර්ගස්ථ ක්‍රමවේදයට අනුව පොලිස් නිලධාරීන් අසූ හත් දෙනෙකුට පවත්වන ලද දමිළ භාෂා ප්‍රවීණතා පුහුණු පාඨමාලාවේ සහතික පත් බෙදා දීමේ සහ කුසලතා ඇගයීමේ උත්සවය (07) ගොඩනැගිලි ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි .

මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු ගයාන් සම්පත් පොතුපිටිය මහතාද ජාතික භාෂා අධ්‍යාපනය සහ පුහුණු ආයතනයේ වාසනාහිර පළාත් සම්බන්ධීකාරක හිරෝෂිමා පෙරේරා මහත්මියද විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූ හ .

මෙහිදී දෙමළ භාෂාව හදාරන ලද නිලධාරීන් විසින් භාෂා සංහිඳියාව වෙනුවෙන් දමිළ සංස්කෘතිය මූලික කරගෙන පවත්වන ලද විචිත්‍රවත් කළා අංග ඇතුළත් වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදී .

පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක ආචාර්ය රවින්ද්‍ර සිල්වා මහතා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේහි ලා විශිෂ්ට මෙහෙවරක යෙදෙන මෙරට ප්‍රමුඛ පෙළේ දමිළ භාෂා ගුරුවරුයෙකු වන අතර ඔහු රාජ්‍ය ආයතනයන් සහ ආරක්ෂක අංශ අතර ප්‍රවීණ ගුරුවරයකු ලෙස නොමද ආදරයට ලක් වී ඇත .

එමෙන්ම උප පොලිස් පරීක්ෂක ආචාර්ය රවින්ද්‍ර සිල්වා මහතාගේ මෙම ජාතික සංහිඳියාව වෙනුවෙන් සිදුකරන භාෂා කුසලතාවය නැංවීමේ ව්‍යායාමය සඳහා පොලිස්පතිතුමාගේද, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ද, අධ්‍යක්ෂ පුහුණුව සහකාර පොලිස් අධිකාරී ගජවිර මහතාගේද සහාය ගුරුවරයකු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක හේමචන්ද්‍ර මහතාද නිරන්තර ශක්තියක් වී ඇත .

මේ සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය අධ්‍යක්ෂතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විසින් තමාට ලබා දෙන නොමද සහයෝගය සහ විශේෂ කාර්ය බලකායෙ අනදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ,නීතීඥ වරුණ ජයසුන්දර මහතා විශිෂ්ඨ නායකත්වය සහ මග පෙන්වීම ආචාර්ය රවින්ද්‍ර සිල්වා මහතා විසින් ගෞරව පූර්වක ව සිහිපත් කරනු ලබයි .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments