26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපේක්ෂකයා දැන ගනිමු. දැනුම්වත්ව ඡන්දය පාවිච්චි කරමු.”

අපේක්ෂකයා දැන ගනිමු. දැනුම්වත්ව ඡන්දය පාවිච්චි කරමු.”

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන්ට තමන් පිළිබඳ මූලික තොරතුරු ජනතාවට ලබාදීම සඳහාත්, ජනතාවට තම ඡන්දය භාවිත කිරීමට පෙර තම අපේක්ෂකයන් පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම සඳහාත්, පහසුකම් සැළසීම අරමුණු කොට ගෙන අපේක්කයන්ගේ මූලික තොරතුරු ඒකරාශී කර සමාජගත කිරිම සඳහා (11) පැෆ්රල් සංවිධානය, මාර්තු 12 ව්‍යාපාරය හා එකතුව හෙළකුරු ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය අපේක්ෂකයන්ගේ පහත සඳහන් එක්රැස්කොට යාවත්කාලීන කිරීමට නියමිත ය.

  1. නම –
  2. උපන් දිනය –
  3. ලබා ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු –
  4. වෘත්තීය තොරතුරු / ප්‍රධාන ආදායම් මාර්ගය
  5. දේශපාලන පක්ෂය –
  6. දිස්ත්‍රික්කය –
  7. මනාප අංකය-
  8. දේශපාලන ක්ෂේත්‍රයේ ලබා ඇති පළපුරුද්ද –
  9. ඔබ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන්නේ ඇයි?
  10. ඔබ මන්ත්‍රීවරයෙකු බවට පත්වුවහොත් ඔබ ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර
  11. වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කිරීමට ඔබ සතු එකඟතාවය

ඒ අනුව එම තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ගෙන යාමේ මූලික වගකීම හෙළකුරු (භාෂා) ආයතනය බාරගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරමු.

ජනතාවට ඉදිරි මැතිවරණයේදී දැනුවත් තීරණයක් ගැනීම සඳහා මෙම තොරතුරු ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරන්නෙමු. මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස අප සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින අතර මේ සඳහා ප්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස සියලු මාධ්‍ය ආයතන වෙතින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

රෝහණ හෙට්ටිආරච්චි,
කැඳවුම්කරු – මාර්තු 12 ව්‍යාපාරය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments