26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්යුරෝපයේ රැකියා පෙන්වා මුදල් ගැරූ කත කොටුවෙයි.

යුරෝපයේ රැකියා පෙන්වා මුදල් ගැරූ කත කොටුවෙයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචාකල කාන්තාවක් අත්අඩංගුවට.

රාගම ප්‍රදේශයේ ඔරකල් විනර්ස් පුද්ගලික සමාගම නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, ඉතාලියේ, ජර්මනියේ හා පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් රාගම ප්‍රදේශයේ කාන්තාවක් තමන්ගෙන් රු.1,250,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 4ක් ලැබී තිබිණි. ඒ අනුව කාර්යාංශ නිළධාරින් විසින් රාගම මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර් තා කර තිබූ අතරතුර රාගම පොලිසියට ලැබුණු පැමිණිලි අනුව පොලිසිය විසින් අදාල කාන්තාව (10) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්යාංශය වෙත භාරදෙන ලදී.

විමර්ශන නිළධාරීන් විසින් සැකකාරිය රාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔක්තෝම්බර් මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments