26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedබුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂකවරයා විදිහට ශානි අබේසේකරව පත් කිරීමෙන්...

බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂකවරයා විදිහට ශානි අබේසේකරව පත් කිරීමෙන් පැවැති දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යෑමක් මේ ආණ්ඩුවත් සිදුකරන බව පැහැදිලියි-නුවන් බෝපගේ

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ රටේ ඉදිරි දේශපාලන අභියෝග සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ( 13 ) ජන අරගල සන්ධානය නුගේගොඩ දී පැවැත්විය.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක නුවන් බෝපගේ.

” වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙසේද කීය…….දැන් ලංකාව පසුකරමින් ඉන්නෙ පශ්චාත් ජනාධිපතිවරණ සමයක්. ඒවගේම තමයි මහමැතිවරණය සඳහා තවත් මාසයක පමණ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුව තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්තිය තුළ මතුකරපු ප්‍රධානම කාරණය වුනේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම. IMF ප්‍රතිපත්ති ඉන්දියානු මැදිහත්වීම් එක්ක ගැටගැහිච්ච ආර්ථික දේශපාලන ක්‍රමයේ පරිවර්තනයක් ඇතිකිරීම වෙනුවට දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් තමයි ඔවුන් පෙනී හිටියෙ. ඉතින් රටේ ජනතාව ඒ ගැන පූර්ණ විස්වාසය තියල තමයි අනුර දිසානායක ජනාධිපති වශයෙන් පත්කරගත්තේ. නමුත් මේ ගතවුණු කෙටි කාලය තුළ ඒ පෙනී හිටපු වෙනස සඳහාවත් ඔවුන් කටයුතු කරනවද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියනවා.

දැන් ඊයෙ දිනයේදී බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂකවරයා විදිහට ශානි අබේසේකරව පත් කළා. ඔහු විශ්‍රාමික නිළධාරියෙක්. ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාව නියෝජනය කරපු හමුදා සාමූහිකයේ ඉහළින්ම කටයුතු කරපු කෙනෙක් තමයි මොහු. දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි පසුගිය ආණ්ඩුවලට එල්ල වුණ ප්‍රධාන ඡෝදනාවක් තමයි නිළධාරීන් පත්කිරීමේ දී තමන්ගේ දේශපාලන හිතවතුන් පත්කළා කියන ඡෝදනාව. හැබැයි දැන් අනුර කුමාර ජනාධිපතිවරායත් පත්කිරීම් කරන්නෙ ඒ පදනම මත ඉදගෙන නම් ඒක බරපතළ ප්‍රශ්නයක්.

ආරක්ෂක ඇමතිවරයා පොලීසියට දැනුම් දීලා තියනවා බැඳුම්කර වංචාව, පාස්කු ප්‍රහාරය, ලලිත් කුහන් ඝාතනය ඇතුළු ආන්දෝලානාත්මක සිදුවීම් 7ක් ගැන නැවත පරීක්ෂණ ආරම්භ කරන්න කියලා. අපි දන්නවා පාස්කු ප්‍රහාරය ගැන බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ කරලා ඉදිරිපත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තා තියනවා ඒවගේ නිර්දේශ ක්‍රියාත්මක කරන එක පැත්තක තියලා නැවත වටයකින් පරීක්ෂණ ආරම්භ කරනවා කියලා නිවේදන නිකුත් කිරීම එක අතකින් මැතිවරණ සංදර්ශනයක් ද කියන ගැටලුව අපිට මතු වෙනවා. මොකද අපි දන්නවා යහපාලන ආණ්ඩුව කාලෙත් ඡන්දෙ ඉලක්ක කරගෙන ඔහොම සංදර්ශන කළා. හැබැයි ඡන්දෙන් පස්සේ ඒවා යටගැහුවා. දැන් ලලිත් කුහන් ඝාතනය ගෝඨාභය රාජපක්ෂ තමයි කලේ කියන්න ඕන තරම් සාක්ෂි තියනවා. හැබැයි ඇයි ඔහුව අත් අඩංගුවට නොගෙන මේ මුල ඉදන් පරීක්ෂණ කරන්නෙ ?.

දැන් මේ ආණ්ඩුවත් සංදර්ශන ආණ්ඩුවක් වෙන්න යනවනම් ඒක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමක් නෙවෙයි. ඒක නිසා තමයි අපි ජනතාවට කියන්නේ හැමවෙලාවෙම ආණ්ඩුව අභියෝගයට ලක් කරන්න පුලුවන් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. සංදර්ශනවලින් ඔබ්බට ගිහිල්ලා යුක්තිය ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව අසරණ කරන්න පුලුවන් කම තියෙන්නෙ විපක්ෂ මැදිහත්වීම ඇතුලේ විතරයි. හැබැයි ඒ විපක්ෂය වෙන්න ඕන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කල්ලියවත් රාජපක්ෂලාට හිතවත් කල්ලියවත් නෙවෙයි. මොකද අපි දන්නවා පසුගිය කාලේ සිදුවුණු දූෂණ, වංචා, ඝාතන සියල්ලටම ඔවුන් ඍජුව සම්බන්ධයි. ඒක නිසා ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න කියන සටන් පාඨය වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලෙවත් ඉන් පිටතවත් පෙනී ඉන්නෙ නෑ.

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒ හොරාකාපු සියලු ධනය නැවත අයකරගන්න ඕන. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලැබෙන්න ඕන. බටලන්ද වධකාගාරයේ පටන් උතුරේ දකුණේ සියලු පැහැරගැනීම් ඝාතනවලට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒවගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු මර්දන පනත් අහෝසි වෙන්න ඕන. ආර්ථික පරිවර්තන පනත ඇතුළු ජනතාව පීඩනයට පත් කරලා ධනකුවේර සමාගම් පෝෂණය කරන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන. ඒ වෙනස සඳහා හඬ නගන්න පුලුවන් හැකියාව තියෙන්නෙ ඒ සටන් පාඨ නියෝජනය කරපු මිනිස්සුන්ට විතරයි.

අපි ජන අරගල සන්ධානය විදිහට නාමයෝජනා භාර දුන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු මිනිස්සු පිරිසක්. ඒ නිසා දූෂිත විපක්ෂයක් වෙනුවට ශක්තිමත් විපක්ෂයක් හදන්න ජන අරගල සන්ධානය වටා එකතු වෙන්න කියන ආරාධනාව අපි ජනතාවට කරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments