සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර යන අයගේ ගෝලයකු වන ‘‘ පුල්ලි ” කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඒ.ජි.එන්. වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) හංවැල්ල පොලිස් වසමේ හංවැල්ල – හයිලෙවල් මාර්ගයේ සමෘර්ධි බැංකුව ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර යන අය සමග සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද ඔහුගේ සමීපතමයකු වන “ පුල්ලි ” නැමැති හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 650 හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.