අනුර ප්‍රේමලාල්
මගේ අරලිය සමාගමේ 75%ක් තිබෙන්නේ කීිරි සම්බා අනෙක් 25% ප්‍රමාණයේ තමයි වෙනත් සහල් තිබෙන්නේ. ඒ් නිසා නාඩු සඟවාගෙන සිටින අය ඇති ඒ් අය ගැන සොයන්න කතා කරන්න. මේ ගැටලුව මතුවෙන්නේ නිසි ක්‍රමවේදයකට වි වගා කිරීීීමට ගොවියා දැනුවත් නොකිරීීීම නිසා බවත් ජනතාව දැනුවත් විය යුතු අතර ඒ් ගැන අදාල බලධාරින් වගකිව යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත් ((02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සිරිසේන මහතා මෙසේද කිය……….වසර ගණනාවක් අපේ අත්දැකීම් මත පැවැති ආණ්ඩුවලට පැවසුවා මේ වගා කීරීමේ වරද පිළිබඳ කව්රුත් ඇහුම්කන් දුන්නේ ඒ් නිසා නව රජයට මේ ක්‍රමය වෙනසක් කිරීමට හැකිවෙන්නේ අලුත් කන්නයේ සිටයි. එය අවබෝධයකින් සිදුකළොත් ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහනයක් සැලසෙයි. නැත්නම් එක් කන්නයකට කිරි සම්බා වැඩිවෙනවා තව කන්නයකට නාඩු වැඩිවෙනවා දැන් මේ කන්නයේ වැඩියෙන් වගා කරන්නේ නාඩු වී ඊට පසු නාඩු වැඩිවෙනවා එහි මිල අඩුවෙනවා කිරී සම්බාවල මිල වැඩිවෙනවා. ඒ් කියන්නේ දැන් තිබෙන තත්ත්වයේ විරුද්ධ පැත්ත සිදුවෙනවා.
අද මේ මම කතා කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කරපු සංඛ්‍යා ලේඛන සමගයි. අපේ රටේ යල මහා වශයෙන් කන්න දෙකක් කුඹුරු වැඩකරනවා. ඒ් අනුව ගිය මාස් කන්නයට හෙක්ටයාර් හත්ලක්ෂ දාහතර දහසක් වැඩ කර තිබෙනවා. යල කන්නයේ හාරලක්ෂ අසුඅටදහසක් වැඩ කර තිබෙනවා. මේ දෙකේම එකතුව හෙක්ටයාර් දහතුන් ලක්ෂයයි. මෙහිදි ලැබුණු ආදායමෙන් බෙදපුවාම මෙහිදි ලැබුණු ප්‍රමාණය ගණන් බැලිමේදි බුසලකට එන්නේ වීීි කිලෝ හත්සිය විසි දෙකයි. මෙ අනුව බුසලක ආදායම බුසල් තිස් හතරයි. රජයේ සහතික මිලවු රුපියල් එකසිය පහට වි මිලදි ගත්තොත් රුපියල් හැත්ත පන්දහස් අටසිය නවයක් තමයි ගොවියට බුසලකට ලැබෙන්නේ. මේ ගැටලුව නිසා ගොවියෝ කිසිසේත් රජයේ සහතික මිලට වීී දෙන්න සූදානම් නෑ. පසුගිය රජවල්වල නායකයින් සමග එදිනෙදා සාකච්ඡා කරමින් මේ වැඩපිළිවෙල නිවැරැදි කිරිමට මහත් උත්සහයක් ගත්තා. කව්රුත් ඇහැව්වේ නෑ ඉතින් මම වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට වගකිව යුතු නැති අතර නව රජයට වගකියන් බෑ. ඒ අයට කටයුතු කරන්න හැකි වෙන්නේ ලබන කන්නයේ වී වගා කරන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් පසුවයි. මේ අතර අපේ ආයතනය ගිය කන්නයේ 68%ක් කීරි සම්බා මිලදි ගත් අතර නාඩු 10%යි. රටේ ප්‍රධාන වශයෙන් පරිභෝජනය කරන්නේ නාඩු සහල්. අනෙක් ව්‍යාපාරිකයෝත් අපි වගේ නාඩු අඩුවෙන් තිබෙන නිසා අඩුවෙන් අරගෙන ඇති. මීට පෙර කන්නයේ කීිරී සම්බා 24%යි නාඩු 77%යි. එහිදි නාඩු මිල බැස්සා. ඒ් අනුව නාඩු වැඩියෙන් වැඩ කරනවා ඊළඟ කන්නයේ කීීරි සම්බා වැඩියෙන් වැඩකරනවා. මේක තමයි මේ රටේ තිබෙන මූලිකම ප්‍රශ්නය. මේ මගේ වත් මේ ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාරිකයකුගේවත් ගැටලුවක් නොවේ. හැබැයි මම දන්න විදියට මගේ සම්බන්ධකම් අනුව සෑමදාම සිටි කෘෂිකර්ම ඇමැතිවරුත් ජනාධිපතිවරුත මේ පිළිබඳ දැනුවත් කළා. මේක රටේ ප්‍රශ්නයක්ද, දේශපාලඥයින්ගේ ගැටලුවක්ද , නිලධාරින්ගේ ගැටලුවක්ද කියන්න මම දන්නේ නෑ මෙයට විසඳුමක් ලබාගන්න හැකිවුණේ නෑ.
ගොවියෝ හරි දැනගන්න ඔ්නේ මෙයට විසඳුමක් තමන් තුලින් ලබාගන්න අල්ලපු කුඹුරේ වගා කරන්නේත් කීිරීසම්බානම් ඊළඟ කුඹුරේත් කීිරි සම්බා නම් මේ වගා කිරිමේ සමතුලිත බවක් ඇති කරගෙන වගා කිරීමට පියවර ගත යුතුයි එසේ නොකිරීම ගැන මම කණගාටුවෙනවා. තවත් වගකිව යුතු පිරිසක් ඉන්නවා මහජන බදු මුදල් වලින් වැටුප් ලබන රජයේ අධ්‍යක්ෂ ජනරාල්.ලේකම්, අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීිය නායකයෝ අවසානයේදී ග්‍රාමසේවා වසමකට උ.ප.නි.ස. කියා එක් නිලධාරියා බැගින් සිටිනවා. ඒ් නිසා මම හිටපු ජනපතිවරුන්ට, ඇමැතිවරන්ට කිව්වා උ.ප.නි.ස. මගින්වත් ගොවියා දැනුවත් කරන්න කියලා සිදුවුණේ නෑ. විශේෂයෙන්ම මිල ගැටලුවවත් විසඳ ගන්න තිබුණා අපි සහල් අලෙවිකරනවා වගේම බිත්තරවී විකුණනවා පොහෝර නිෂ්පාදනය කර විකුණනවා. දැන් වැඩියෙන් නාඩු බිත්තර වි අලෙවි වන අතර ලබන කන්නයේ නාඩු වැඩිවෙනවා කීරි සම්බා අඩුවෙනවා.
ඡායාරූප- තූෂාර ප්‍රනාන්දු