සියලු සෞඛ්‍ය කාර්ය මඬලයට හා මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි.
සංවිධානාත්මක පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඬලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳ සෞඛ්‍ය අමත්‍යාංශයට තොරතුරු වාර්තා වී ඇත.
කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිළධාරියෙක් දුරකථන, වට්ස් ඇප් හෝ කිසිදු මාධ්යවයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බවත්, එවැනි වංචාකරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍ය වලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කර සිටී.
මේ පිළිබඳ නීතිමය කටයුතුද ආරම්භ කර ඇත.