29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රට ගොඩ නැගිය හැකි අපි උදෙසාවන යහපත් පාර් ලිමේන්තුවක් සකස් කර ගැනීමට...

රට ගොඩ නැගිය හැකි අපි උදෙසාවන යහපත් පාර් ලිමේන්තුවක් සකස් කර ගැනීමට (14)සියලුම ඡන්දදායකයින් සිය ඡන්දපොළට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස කිසිදු භේදයකින් තොරව ඉල්ලනවා- ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියාණි මණ්ඬලය

මෙහිදි අදහස් දැක්වු ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපති කින්ස්ලි වීරසිංහ පියතුමා………..රටේ වගකිව යුතු පුරවැසියන් ලෙස තම පාලකයින් පත් කරගන්නා මහා මැතිවරණයේදී රට දියුණු කළ හැකි නායකයින් , යහපත් පාර්ලිමේන්තුවක් සමග අප සැවොමටම ඉදිරිගමනක් යා හැකි වැඩපිළිවෙලක් දිනවීමට ඔබේ පරම අයිතිය ලබාදීමට (14) ඡන්දය භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා.

පැවැති ජනාධිපතිවරණ අවස්ථාවේදි ලක්ෂ තිස්පහක පමණ ඡන්දදායකයින් ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර නැති බවට වාර්තාවුණා. ඒ නිසා ඔබ සියලු දෙනාට තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. කිතුබැතිමතුන්ගෙන්ද ඉල්ලා සිටිනවා. අපේ රටේ පාලනයට සංවර්ධනය සෘජුවට සම්බන්ධවන ආයතනය. මේ මගින් තමයි රටේ නීති සම්පාදනය, මුදල් පාලනය වැනි වැදගත් කටයුතු සිදුකෙරෙන්නේ. මේ ස්ථානය නීතිය, ආර්ථිකය දැනමුත්තන් මේ ආයතනයට අවශ්‍යයි. මේ අවස්ථාවේ ඔබේ පුංචි ඡන්දය මගින් රටට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. ඒ සඳහා චෝදනා නැති උගත් බුද්ධිමතුන් රටට හිතැති අය පත්කර යවන්න ක්‍රියා කරන ලෙස ඉතා ඕනෑ කමෙන් ඉල්ලා සිටිනවා. රටට අයහපත් නීති මීට පෙර සම්පාදනය වෙලා තිබෙන අතර ඒවා නිවැරැදි කර ගැනීමට අවශ්‍යයි. එහි මේ සඳහා ප්‍රගතිශීලි අදහස් දක්වන අය ගැන විශේෂත්වයක් දක්වන ලෙස සිහිපත් කිරීමට අවශ්‍යයි.

මෙවර තරුණ අය වැඩියෙන් ඉදිරිපත්වීම හොඳ තත්ත්වයක්. කාන්තා නියෝජනය වැඩවීමද හොඳයි. අත්දැකීම් හා පරිනත අය ගැනද ඔබේ අවධානය යොමු කිරීම හොඳයි. අපි ආගමික නායකයින් ලෙස මෙම වගකීම පිළිබඳ දැනුවත් කිරීම සිදුවෙනවා.

දැනට තිබෙන සාමකාමි තත්ත්වය ගැන අපි රජයට හා වගකිව යුතු සියලු පාර්ශවයන්ට අපේ ආශිර්වාදය හා ස්තූති කිරීමට කැමැතියි.

කොළඹ බිෂොප් දුෂාන්ත රුද්‍රිගු පියතුමා අදහස් දක්වමින් ජනඅරගලයකින් පසු පැමිණෙන මෙම මැතිවරණයේදී මෙරට ජනතාවට ගැටලු රැසක් විසඳා ගැනීමට තිබෙන බව පැවස අතර වැඩිවෙන දරිද්‍රතාවයේ ප්‍රශ්නය ඉන් වැදගත් බව කීහ. වතු කරයේ ජනතාව මෙන්ම කොළඹ නගරයේ වතුවල ජීවත්වන ජනාතා ගැටලු විසඳගත යුතු බව පෙන්වාදුන්හ. රටක් ලෙස අපි ඉදිරියට යෑමට නම් සියලු දෙනාගේ යුතුකම් වගකීම් මෙන්ම ඊට තිබෙන ඇප කැපවීම අවශ්‍ය බැවින් පුරවැසියන් ලෙස තමය ඡන්ද අයිතිය භාවිතා කොට රට ගොඩනගා ගත හැකි පිරිසක් පාර් ලිමේන්තුවට යවන්න පෙරට එන ලෙස ඡන්දායකයින්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියාණි මණ්ඬලයේ මහා ලේකම් සුජිත ශිවනායගම් පියතුමා හා කිෂෝර් කුමාර් ඇන්දි පියතුමා අදහස් දක්වමින් එක්වූහ.

මෙහිදි මාධ්‍ය සම්බන්ධ කරණය කරමින් මාධ්‍ය සාකච්ඡාව මෙහයවීම රයසන් වයමන් මහතා සිදුකළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments