26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ වරායේ බහලුම් නිදහස් කිරීම (11) දිනට පෙරපරිදි සිදුකෙරෙනවා- ශ්‍රී ලංකා රේගුව

කොළඹ වරායේ බහලුම් නිදහස් කිරීම (11) දිනට පෙරපරිදි සිදුකෙරෙනවා- ශ්‍රී ලංකා රේගුව

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තී සමිති සන්ධානය ආරම්භ කරනු ලැබු කොළඹ වරායෙන් බහලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ යම් පියවරයන්ගෙන් බැහැර වීම හේතුවෙන්, සීමා කිරීමකින් තොරව බහලුම් නිදහස් කිරීම නිසා, භාණ්ඩ පරීක්ෂණ අංඟනවල හා එම අංඟන වෙත ඇති ප්‍රධාන මාර්ගවල බහලුම් රැගත් ලොරි රථ ගාල් කිරීමට සිදුවීම තුලින් ඒ අවට ප්‍රධාන මාර්ගවල රථ වාහන ගමනාගමනයට බාධා සිදුවීම, භාණ්ඩ පරීක්ෂණ අංඟනවලින් රේගු පරික්ෂාව සිදුකර නිදහස් කිරීම ප්‍රමාදවීම, මහා මාර්ගයේ රේගු ආවේක්ෂණයකින් තොරව බොහෝ වේලාවක් බහලුම් රඳවා තැබීමේදී වංචනික ක්‍රියාවලීන් සිදුවිය හැකිවීම හා ඒ තුලින් රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට බාධා පැමිණීම හා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකිවීම යන කරුණු පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ ඉහළ කළමනාකාරිතවයේ වැඩි අවධානයට භාජනය විය.

ඒ අද (13) පෙ.ව.9.30 සිට ක්‍රියාත්මකවන පරිදි ඉකුත් (11) දිනට පෙර පැවැති ආකාරයට කොළඹ වරායේ සිට පරීක්ෂණ අංඟන වෙත පරීක්ෂණ කටයුතු සඳහා බහලුම් ක්‍රමානුකූලව නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු පිණිස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම නිලධාරින්හට මෙම නියෝග නිකුත් කර තිබේ.

එනම් මහ මැතිවරණය (14) පැවැත්වීමට නියමිත බැවින් රටේ සෑම පුරවැසියකුටම තව ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා ඇතිවීම වැළැක්වීම, සිරවි ඇති සියලුම බහලුම් විධිමත් ආකාරයට පරීක්ෂණ අංඟනවලට මුදා හැරීමට කටයුතු කිරීම, මහාමාර්ගය අවහිර වන ලෙස බහලුම් ගාල් කිරීම නතර කෙරෙන ආකාරයෙන් කටයුතු කිරීම.

එම නියෝග පරිදි අද (14) දහවල් 2.00 පමණ වන විට බහලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය නැවතත් පෙර පරිදිම සිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර අද දින රාත්‍රිව වන විට සියලුම කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවට රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විශ්වාසය පල කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments