21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsබූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ප්‍රධාන පෙළේ අපරාධකරයෝ රඳවා සිටින සිර මැදිරියක් අසල දුරකථන...

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ප්‍රධාන පෙළේ අපරාධකරයෝ රඳවා සිටින සිර මැදිරියක් අසල දුරකථන ඇතුළු උපාංඟ එස්.ටී.එෆ්.සොයාගනී.

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ සිදුකල හදිසි පරික්ෂාවේදි කුඩු සලිදු,වෙලේ සුදා,ඇපල් ශාන්ත, ගනේමුල්ල සංජීව ඇතුළු ප්‍රධාන පෙලේ අපරාධකරුවන් රඳවා සිටි සිරමැදිරි අසල මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ඇතුළු උපාංග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට හා වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බුස්ස බන්ධනාගාර කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එල්.සී. උභයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් (14) බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ කොටසේ දී හදිසි පරික්ෂාවක් සිදුකර ඇත.

එහි දී සලිදු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සලිදු, සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව ඇතුළු ප්‍රධාන පෙලේ අපරාධකරුවන් රඳවා තබන සිර මැදිරි ආසන්නයේ තිබී මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ඇතුළු උපකරණ දි අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ ජංගම දුරකථන තුනයි,සිම්පත් හයයි, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි,අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දෙසීයයි,ගංජා මිලි ග්‍රෑම් 800 යි,දුම්කොළ කැබලි 08,දුරකථන උපාංග.

හෝමාගම ප්‍රදේශයේ දී තරුණයෙකු T-56 අවියකින් වෙඩිතබා පලායාමේ සිදුවීමට අදාලව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම පොලිස් වසමේ හෝමාගම ආසිරි මාවතේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී (13) හෝමාගම පොලිස් වසමේ අංක 533/2, සිල්වඩෝරින්වත්ත, රෝහල පාර, හෝමාගම දරණ ලිපිනයේ පදිංචිව සිටි කේ.බී. අසෝක චාමින්ද යන අයට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T-56 අවියකින් වෙඩිතබා පලායාමේ සිදුවීමට අදාලව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය හා සැකකරුවන් පැලදගෙන පැමිණි හිස්වැසුමක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments