මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ අගමැතිනි ආචාර් ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.
මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.
ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.