22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට!

මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට!

මෙවර මහ මැතිවරණයෙන් , ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙන අතර, මෙහිදී කාන්තාවන් 21 දෙනෙකු මැතිසබයට තේරී පත්වී ඇත.

ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පත්ව ඇත.

ඒ අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,  කෞෂල්‍යා ආරියරත්න,  සමන්මලී ගුණසිංහ,  හේමාලි සූජීවා,  නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා,  තුෂාරි ජයසිංහ,  අනුෂ්කා තිලකරත්න,  ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි,  හසාරා ලියනගේ,  සරෝජා පෝල්රාජ්,  මුතු රත්වත්තගේ,  ගීතා හේරත්, හිරුණි විජේසිංහ,  අම්බිකා සැමුවෙල්,  චතුරි ගංගානි,  නිලුෂා ගමගේ,  සාගරිකා අතාවුද සහ දීප්ති වාසලගේ යන මන්ත්‍රීවරියන් මෙලෙස 10 වන පාර්ලිමේන්තුවේ සදහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්ව සිටිනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින්, රෝහිණි කවිරත්න,  චමින්ද්‍රානි කිරිඇල්ල යන මන්ත්‍රීවරියන් තේරී පත්ව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments