පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විදේශිය වෙළෙඳනාමයක් සහිතව දේශියව සකස් කර වෙළෙඳපළෙහි අලෙවි වන ආටා පිටි සම්බන්ධව (19) වැටලීමක් සිදුකර ඇත.
පිට කොටුව, වේල්ල වීදිය සහ කොළඹ 13 ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදු කරන ලද එම වැටලීම් 2කදී ව්‍යාජ ලෙස සකස් කර වෙළෙඳපලට නිකුත් කර තිබූ කිලෝග්‍රෑමයේ ඇසුරුම් 209ක් පමණ අධිකාරියේ නිලධාරීන් විසින් තම භාරයට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතී.
එමෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් මෙවැනිම ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳසැල් වලට නිකුත් කරනු ලබන සහ අලෙවිකරනු ලබන ලබන වෙළෙදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මාතලේ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයන් පරීක්ෂා කිරීමේදී එම ආයතනය මගින් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම මත සහ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායන ද්‍රව්‍ය සමග භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදුකර ඇත.
එහිදී කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය හා උපකරණ පාරිභෝගික අධිකාරිය භාරයට ගත් අතර ඒවා මාතලේ අධිකරණයට ඉදිරිපත් කර එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට නියමිතයි.
රසායනාගාර වල භාවිත කරනු ලබන උපකරණ හා රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම සම්බන්ධව නිරන්තරව පරීක්ෂා කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ආයතන වලට දැනුම් දෙන අතර අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් වලදී එවැනි ආයතන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කරනු ඇත