26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන (SLMP) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ උත්සවය පසුගියදා කොළඹ, සිනමන් ලයිෆ් හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නිත්‍ය ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රය සැළකිය යුතු ලෙස ඉදිරියට රැගෙන ගිය වසර 14ක හවුල්කාරීත්වයේ විධිමත් අවසානය සනිටුහන් කිරීම මෙම උත්සවය ඔස්සේ සිදු කරන ලදී.

2010 වසරේ දී SLMP පාර්ශවකරුවන් රැසකගේ සහයෝගීතාවයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා , CHF මිලියන 16.65ක ආයෝජනයක්  සමඟ සම්පුර්ණ අරමුදල  සපයනු ලැබුවේ සංවර්ධනය හා සහයෝගීතාවය සඳහා වන ස්විස් එන්ජන්සිය (SDC) විසිනි. මෙම වැඩසටහන ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), HELVETAS Swiss Intercooperation, International Executive Service Corps (IESC) සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක (CSOs) දායකත්වය සහිතව දියත් කරන ලද අතර එහි මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් හා පැහැදිලි ප්‍රවේශයක් ලබාදෙන ලදී.

එම වැඩසටහන හරහා ලබාගත් ප්‍රගතීන් කිහිපයක් පහතින් දක්වා ඇත.

  • ප්‍රතිපත්ති සම්පාදනය : සංක්‍රමණික සේවකයන්ගේ සුරක්ෂිතතාවය සහ සුබසාධනය වැඩි දියුණු කිරීම සහතික කරමින් 2023-2027 සඳහා ජාතික කම්කරු සංක්‍රමණ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම අනුමතකිරීම.
  • ධාරිතාවර්ධනය: විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරීන් 600 කට අධික පිරිසක් (DOFEs) පුහුණු කරන ලද අතර, 250,000කට වැඩි සංක්‍රමණික ප්‍රජා සාමාජික පිරිසක් සඳහා සෘජුවම ආරක්ෂිත සංක්‍රමණ තොරතුරු  ලබාදීම.
  • නිපුණතා සංවර්ධනය: සංක්‍රමණික සේවකයන් 6,400 කට අධික සංඛ්‍යාවකට මාර්ගෝපදේශ සහ කුසලතා හඳුනාගැනීමේ සේවා සැපයීම සහ නව විෂයමාලා සහ සහතික කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීම.
  • බිම් මට්ටමේවැඩසටහන්:  සංක්‍රමණ තොරතුරු මධ්‍යස්ථාන 13ක් පමණ සක්‍රීයව ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් මට්ටමින් අත්‍යවශ්‍ය සේවා සැපයීම.

ශ්‍රී ලංකා රජය, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සහ සේවා යෝජකයන්ගේ සංගම් මෙම ව්‍යාපෘතිය සඳහා දක්වන ලද නොසැලෙන සහයෝගීතාවය සහ කැපවීම  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ ILO විසින් බෙහෙවින් අගය කරන ලදී.  SLMP සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට සහ එහි ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ගේ එම සාමූහික ප්‍රයත්නයන් සුවිශේෂී පිටිවහලක් විය.

මෙහිදී, 2023-2027 රැකියා සඳහා සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කරමින් SLMP හි ප්‍රගතීන් පිළිබඳ තොරතුරු නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙන ලදී.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ILO හි  සහයෝගීතාවය මෙන්ම එහි සාර්ථකභාවය මෙම සුවිශේෂී අවස්ථාව හරහා  පසක් වූ අතර පාර්ශවකරුවන් රැසක් විසින් සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක සහ තිරසාර වෙනස්කම් ඇති කිරීම සඳහා දක්වන කැපවීමද මේ ඔස්සේ මැනවින් ඉස්මතු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments