21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වාහන ආනයනයට රජයේ කොළ එළියට වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රසාදය-ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති...

වාහන ආනයනයට රජයේ කොළ එළියට වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රසාදය-ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත්

ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මේ මාසේ 14 වෙනිදා එතුමා ගැසට් පත්‍රයට අත්සන් කරලා තිබුණා . අද සිට ක්‍රියාත්මක වෙනවා. ශීට් 25 ට වැඩි අවුරුදු පහට අඩු බස් රථ ආනයනය කිරීම සඳහා අවසර ලබාදීලා විශේෂ කාර්ය වාහන සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ඒවා නැවත ප්‍රකෘති කරලා තියෙනවා මූලික පියවර ඒකයි ඒ වගේම වාහන ආනයනය ගැන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමත් තීරණය කළා. අප්‍රේල් පළවෙනි දා සිට පුද්ගලික වාහන හා අනිත් කාණ්ඩයේ වාහන ආනයනය කිරීම ආරම්භ කරනවා කියලා ස්ථිර වාචනයක් එතුමා දුන්නා.
මේ රටේ බොහෝ අමාරුවෙන් ඉන්න ව්‍යවසායකයන් ඒ වගේම රටේ අවශ්‍යතා තියෙන ජනතාවත් හොඳ වාහනයක් ගැනීමටට අවශ්‍යයි ඉදිරියේදී ජනාධිපතිතුමත් එක්ක ආනයන ප්‍රකෘති කිරීමට තව මාසයක් පමණ මාසෙක හමාරක් තියෙනවා. ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළ ජනතා හිතවාදී ලෙස ආනයන ප්‍රකෘති කරනවා විදේශ මුදල් සංචිත ආරක්ෂාවෙන ක්‍රමයකටයි.

මේක කරන්නේ ඉස්සර අපි මුදල් අමාත්‍යංශයට කතා කළහම අපි කියමන දේ අහන්නෙ නෑ අපිට ඉඩක් නෑ අපි බලාපොරොත්තු වෙනවා අපිට ව්‍යවසායක හැටියට ව්‍යාපාර කරන්න ඕනේ අපි ආණ්ඩුවත් එක්ක ජනාධිපතිතුමත් එක්ක එකතුවෙලා අනිවාර්යෙන්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනතාවට ගැලපෙන අඩු මුදලට සාධාරණ වාහනයක් ගැනීමේ කටයුත්තට ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා අපි කටයුතු කරනවා. එතුමා ඒ දේ හරියට පිළිවෙළට කරලා දෙයි. අපිට හැම සහයෝගයක්ම රජයට ජනාධිපතිතුමාට ලබා දෙනවා මේ සම්බන්ධයෙන් ජනතා හිතවාදී දේවල් කරන්න ජනාධිපතිතුමාට අපි සහය දෙනවා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය හැටියට මේ.
ඉන්දියාවේ ගමන අපිට ලොකු සාර්ථකත්වයක් වුණා වගේම අපේ ආර්ථිකයත් ප්‍රකෘතිමත් වෙන්න පටන් අරන් තියෙනවා ඒක අපිට සුබවාදී දෙයක් වාහන ආනයනය ප්‍රකෘති කරන එක වැදගත් කියලා එතුමා කිව්වා. ඒක අපිත් පිළිගන්න දෙයක් මුදල් සංචිත ඇති කරගන්න මේක ඉතා වැදගත්. විදේශ මුදල් සංචිත කළමනාකරණය කරන්නත් ඕනෙ හරි විදියට මේක කරන්න ඕනේ
පෙබරවාරි පලවෙන්ද වෙද්දි ඉතා අඩු මුදලට සාධාර වාහනයක් ගැනීමට හැකි වෙයි කියලා අපි හිතනවා. අවුරුදු හතක් පැරණි වාහන ගෙන්නන්නත් අපි ඉල්ලනවා මේක මූලිකව අඩු වියදමට හොඳ වාහනයක් ගැනීමේ හැකියාව ඇතිවෙන්නේ අන්න එතකොටයි අවුරුදු තුනක් වගේ පැරණි රථ සහ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න පුළුවන්කම ඇතිවෙයි.
තැනට ප්‍රතිපත්ති හදන කමිටුවක් තිබුණා.
දැනට හදලා තියෙන්නේ ලොරි රථ අවුරුදු පහකුත් බස් රථ අවුරුදු පහකුත් සාමාන්‍ය කාර් වෑන් අවුරුදු හතරකුත් කාර් අවුරුදු තුනකුත් විලෙක්ට්‍රික් වාහනඅවුරුද්දකුත් ලෙස නමුත් දියුණු රටවල් පවා අවුරුදු හතක් පැරණි වාහන ගෙන්නන ව අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු ගාන වැඩි වාහන ගෙන්නන්න පුළුවන් වෙයි කියලා වැඩි ජනතාවකට වැඩි වාහන ප්‍රමාණයක් හොඳ වාහන ප්‍රමාණයක් ගෙන්නලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ඒ වගේම රටට බදු ආදායමත් වැඩියෙන් ලබා දෙන්නබලාපොරොත්තු වෙනවා.
අපි යෝජනා කරන්නේ වාහන අවුරුදු හත පහ දහය කියන අවුරුදු ගණන් දෙන්න කියලා වාහන ගෙන්වන්න.
පාවිච්චි කරපු වාහන ආනයනකරුව තමයි සියයට අසූ පහක් වාහන ගත්තේ ලංකාවේ ජනතාව වැඩියෙන් කැමති හොඳ ජපන් වාහන ගන්න ඩොමස්ටික් වාහන ගන්න 2016 වගේ වාහන අවුරුදු පහක් යද්දිත් හොඳට තියෙනවා ලංකාවේ මේ තත්ත්වයෙන් දුවලත් හොඳට තියෙනවා නම් ජපාන පාවිච්චි කරාද නොකොට ඉතාමත් හොඳ තත්ත්වය වාහන තියෙනවා අවුරුදු ගාන වැඩි වුණත් අලුත් වාහන පරණ වාහන කියලනේ එක බද්දක් තියෙන්නේ රටේ අහිංසක ජනතාවට සාධාරණ මුදලට වාහනයක් ගන්න අවුරුදු හත සීමාව දක්වා යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියලා අපි යෝජනා කරන්න හදනවා.
බදු විශේෂ වැඩි කිරීමක් රජය කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ වාහන ගැනීමේ අවස්ථාව ජනතාවට උදා කිරීම ජාතික ආණ්ඩුවක් හැටියට රජයට තියෙනවා ජනතා හිතකාමී පුද්ගලයෙක් ජනාධිපතිතුමා අනවශ්‍ය විදිහට බදු වැඩි කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් තියෙන වෙළඳපොළ මිලට වඩා සාධාරණ මිලට බදු වැඩි කලත් වාහනයක් මිලදී ගැනීමට ජනතාවට පුළුවන් වෙනවා. ජපාන අවුරුදු හතක් දිව්වා කියන්නේ තවත් වාහන අවුරුදු විස්සක් විතර මේ රටේ දුවන්න පුළුවන්
විට්ස් වාහනයක් ලක්ෂ තිහක් නම් ජපානේ අවුරුදු හතක් වෙද්දි ඒ වාහනය ලක්ෂ හයකට විතර අඩුවෙනවා ඒක තමයි වෙන්න ඕනේ එතකොට ඉතා අඩුවට වාහනයක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්.
සමහර වාහන ආනයන කරන මහා පරිමාණ ආයතන ජනතාවගේ විශාල මුදල් අරගෙන තියෙනවා. ඒක වැරදි සහගත දෙයක්.
හිතුමනාප තියෙන මේ ඩොලර් ප්‍රමාණයේ ලංකාවේ ඒක නාස්ති වෙන්න බෑ.
ඒ නිසා නියාමනයක් ඇතුව වාහන ගෙන්විය යුතුයි. ඒක ජනාධිපතිතුමත් තීරණය කළ දෙයක්. මධ්‍යම පාන්තික ජනතාවට වාහනයක් අරන් දීම තමයි වැදගත් වෙන්නේ ලොකු කෙනෙකුට වාහනයක් ඕන තරම් මුදලකට මිලදී ගත හැකියි. හොඳ සල්ලි තියෙන කෙනෙකුට නමුත් මධ්‍යම පාන්තික ජනතාවටයි වාහනයක් ගෙනල්ලා දෙන්න ඕනේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments