26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ජාතික ජූඩෝ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය සහ පිරිමි අංශයේ සමස්ථ අනුශූරතාවය...

ජාතික ජූඩෝ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය සහ පිරිමි අංශයේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් 61 වන වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ජූඩෝ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 13 සහ 14 වන දින ශ්‍රී ලංකා ජූඩෝ සංගම් පරිශ්‍රයේදී පැවැති අතර එහිදි ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම විසින් ජාතික ජූඩෝ තරගාවළියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට සමත් වු අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම විසින් සමස්ථ අනුශූරතාව හිමිකර කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් සමඟින් සමස්ථ ශූරතාවය හිමිකරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 5කට හිමිකම් කියමින් සමස්ත අනුශූරතාව හිමිකර ගැනීමට සමත්විය. ශූරතාවලියෙදී සැරයන් චාමර ධර්මවර්ධන අඛණ්ඩව 8 වැනි වරටත් දක්ෂතම පිරිමි ජූඩෝ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර ගුවන් කාන්තා කල්පනී ජයවීර දක්ෂතම කාන්තා ජූඩෝ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

සම්මාන ප්‍රධානෝත්සවය 2024 දෙසැම්බර් 15 වන දින පැවති අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ, ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ ලේකම් ගෲප් කැප්ටන් මැඩ්සි ගුණසිංහ, ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සහකාර ලේකම් විංග් කමාන්ඩර් සුරංග හෙට්ටිආරච්චි යන නිළධාරීන්ද, ත්‍රිවිධ හමුදා නිළධාරීන්, සෙසු නිළයින් පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments