22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්අරුණ ජයවර්ධනගේ" රස රහසක් " පුංචි තිරයේ....

අරුණ ජයවර්ධනගේ” රස රහසක් ” පුංචි තිරයේ….

විවිධ රූපවාහිනී නාළිකාවන් ඔස්සේ විවිධ මාදිලියේ කතා පුවත් රැගත් ටෙලි නිර්මාණයන් විකාශනය වන සමයක මේ දිනවල ඉමහත් ජනප්‍රියත්වයට පත් ප්‍රාසාංගික ටෙලිනාට්‍යයන් අතර ” රස රහසක් ” සඳහා ඉහලම රසික ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී ඇත .” රස රහසක් ” අවන්හලක් මූලිකකොට ගත් නිර්මාණයකි.
දක්ෂ ප්‍රවීණ සූපවේදියෙකු වන නාරදට අයත් නුවරඑළියේ පිහිටි අවන්හලකි.මෙහි පැවති සේවක ඇබෑර්තුවක් සඳහා තරුණ සූපවේදියෙකු වන සංඛ පැමිණෙයි. සංඛගේ පැමිණීම නොරිස්සු පිරිසක් ද එහි විය . ඩිමෙන්සියා රෝගයෙන් පෙළෙන නාරද සියළු කටයුතු සිදු කරන්නේ සටහන් පොතක ආදාරයෙනි . ඔහුට සේවකයන් කිසිවෙකුගේ නම් මතකයේ නොමැත. අවන්හලේ කළමණාකාරිය වූ ඉරේෂා අවිවාහක තැනත්තියකි .එම අවන්හලේ පේස්ටි අංශය බාරව කටයුතු කරන්නේ සූරූපි මිෂාරා වන අතර , ඇය සිය මව සමගින් ඒ අවටම ජිවත් වෙයි. ඇයගෙ මව මල් විකිණීමේ නිරතව සිටී. ප්‍රනීතව ආහාර පිසීම හේතුවෙන් සංඛ සියල්ලන්ගේ විශ්වාසය දිනාගනී. නමුත් සංඛට ප්‍රනීතව ආහාර සකසන්න නොපෙනෙන බලවේගයක් උදව් කරයි. හාස්‍ය රසයෙන් පිරි රසබර කතාවක් රැගත් ” රස රහසක් ” සතියේ දිනවල රාත්‍රි 7.30 සිරස රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශනය වෙයි.මෙහි රංගනයෙන් බිමල් ජයකොඩි, සජිත අනුත්තර , මිෂෙල් දිල්හාරා , සුහන්දි වෝෂදී ,හර්ෂිකා රත්නායක , මිලින්ද මඩුගල්ල , තරුෂි පෙරේරා , කුමාර වඳුරැස්ස ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත .සුනෙත් මාලිංග ලොකුහේවා ගේ තිර පිටපත අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර , කැමරාකරණයෙන් නඳුන් ජයන්ත , සංස්කරණයෙන් ගයාන් ශ්‍ර්‍රී බුද්ධික , සංගීත අධ්‍යක්ෂණයෙන් මංගල ගලප්පත්ති , ගේය පද රචනයෙන් අංජලී බුදවත්ත හා ගීත ගායනයෙන් බිමල් ජයකොඩි දායකව ඇති රස රහසක් තුෂාන්ත චන්දිම ගේ නිෂ්පාදනයකි .

.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments